1st chapter

1.6K 130 25
                                    

මං හිටියේ මටවත් තේරුම් ගන්න බැරි හැඟීම් ගොඩක අතරමං වෙලා. මං මොනාද කරන්න ඕනි කියලවත් මට හිතාගන්න බෑ. මං එයාට යන්න දෙන්න ඕනි. එයා ගියේ නැත්තම් මං එයාගෙන් ඈත් වෙන්න ඕනි..මං දන්නවා එයා කවදාවත් මගෙන් ඈත් වෙලා යන්නේ නෑ. මං යන්න කිව්වත් එයා යන්නෙ නෑ. ඒ එයාගේ ආදරේ. ඒ පපුවේ උතුරන්න තරම් ආදරේ තියනවා. ඒත් මට තවත් ඒ ආදරේට ලෝභ වෙලා එයාගේ ජීවිතේ අනතුරේ දාන්න බෑ. මාත් එක්ක ඉන්නවා කියන්නෙම එයාගේ ජීවිතේ තවත් අනතුරේ වැටෙන එක. මට ඕනි එයා ඉන්න තැනක හොඳින් ඉන්නවා දකින්න. මං නැතත් එයා හොඳින් ඉන්න ඕනි. මේ වෙලාව. මට තීරණයක් ගන්න. මට සමාවෙන්න. මට යන්න වෙනවා. ඒත් මගේ හිතේ ඔයාට තියන ආදරේ කවදාවත් අඩු වෙන්නෙ නෑ. මං මැරුනත්.

එකිනෙකා පරයා ඉදිවුනු ගොඩනැගිලි අතරින් සදේ පලුවක් දිලෙන්නට වුනා. දහස් ගණන් මිනිසුන් නිදන ඒ හෝරාවේ ඒ ගොඩනැගිලි වලින් මිළ අධිකම ගොඩනැගිල්ලේ මිළ අධිකම සුව පහසු කාමරයක සිටි ඔහුගේ හදවත කැබලි වලට සුනු විසුනු වී තිබුනා. කාමරේ මුල්ලක කුදු ගැසි වාඩි වී සිටි ඔහුගේ කදුලු ඔහුට දරාගත නොහැකි තැන ඔහුගේම දෑත් මත ඔහු මුහුණ සඟවා මහ හයියෙන් ඉකිබිදිමින් හඬන්නට වුනා. ඒ ඇස් වලට කඳුලු හුරු වුනේ නෑ. ඒ ආරෝහ පරිණාහ දේහයටත් හඬන මුහුනක් ගැලපුනේ නෑ. නමුත් හඬනවා හැරෙන්නට ඔහුගේ දුක නැති කරගැනීමට වෙන විකල්පයක් ඔහුට තිබුනේ නෑ. තමන්ගේ ඇස් වලින් වැටෙන කඳුලු හමුවේ ඔහුට මැවී පෙනුනේ තමන් පණ සේ ආදරය කරන ඒ රූපය. ඔහුගේ මනස ඒ මොහොතේ ඔහුව සෑහෙන්න දුර ගෙන ගියා. ඒ රූපය දුටු මුල්ම දවස. ඔව්. ඔහුගේ හිත නැවතුනේ ඒ දවසෙයි. එදා ඉදන් අද වෙනකන් සිදු වූ හැම දේම ඔහුගේ මනසේ චිත්‍රපටියක් සේ දිගහැරුනා.

____________________________________

(අවුරුදු දෙකකට පෙර )

කුඩා නිවාස වලින් සපිරි ඒ නිවාස සංකීර්ණයේ සිටියේම එදිනෙදා රාජකාරි වලට යාමට පහසුව උදෙසා නවාතැන් ගත් අය. බොහෝ නිවාස වල දෙදෙනාම රාජකාරි කරන අඹු සැමියන් සහ පෙම්වතුන්ගෙන් සමන්විත වුනා. ඒ අතර තනිකඩ පුරුෂයන් හා කාන්තාවන්ද වුනා.

උදේ පාන්දරම අසල එලාර්ම් නාදයකින් අවදි වුණු ඔහු ඔහුගේ ෆෝන් එක අතට ගත්තා. 7.30. එහි වෙලාව සටහන් වී තිබුනේ එහෙමයි.

Clematis Garden Where stories live. Discover now