ටේහන්ව දාගත්ත පොලිස් වාහනේ එතනින් යනවත් එක්කම ජන්ග්කුක් එයාගෙ කාර් එකට නැගලා පොලිස් කාර් එක පිටිපස්සෙන්ම ගියා. පොලිස් ස්ටේශන් එකට ගියාමත් ජන්ග්කුක් බැලුවේ ටේහන්ව කොහොම හරි එලියට ගන්න විදිහක්.
"මං දන්නවා ඔයාට ඕනි ඔයාගේ යාලුවව බේරගන්න. ඒත් මේ වෙලාවේ කරන්න දෙයක් නෑ. මොකද එයා ගාව ඩ්‍රග්ස් තිබ්බ නිසා. ඔයාට යාලුවව බේරගන්න ඕනි නම් හෙට එන්න. එයාට ඇප දෙන්න කෙනෙක් එක්කගෙනම. මේ රෑ වෙලා ඔයාට යාලුවා වෙනුවෙන් කරන්න දෙයක් නෑ."
එතන හිටපු ස්පෙක්ටර් ජන්ග්කුක්ට කිව්වා. ජන්ග්කුක්ට ටේහන්ව පොලිසියේ දාලා යන්න හිත දුන්නෙ නෑ. ඒත් ටේහන්ව එලියට ගන්න නම් ජන්ග්කුක් ඇප දෙන්න කෙනෙක් හොයාගන්න ඕනි. ජන්ග්කුක් ඉක්මන්ටම එයාගේ ෆෝන් එක අතට අරන් ඩයල් කරා.
"හියුන්ග්..."
"ජන්ග්කුකා, මොකද ඕයි මේ මහ රෑ ? තමුසේ ආයම වොලට් එක නැතිකරගත්තද?"
ඒ නම්ජුන්.
"හියුන්ග්, කරදරයක්...ටේහන්න්..."
"යාහ්ශ්....ආයම ඒ පොඩි එකා..තමුසෙට ඌට දෙකක් ඇනගන්න බැරිද?? මංම ඕනිද ඒකටත්..."
නම්ජුන් නිදිමතේම ජන්ග්කුක්ට බනින්න ගත්තා.
"නෑ නෑ හියුන්ග්. අනේ මෙහෙම කියන්න බෑ. ඉක්මන්ට පොලිස් ස්ටේශන් එකට එන්න. අහ් නෑ නෑ ටවුන් එකේ එකට නෙවෙයි. බෝඩර් එකේ ස්ටේශන් එකට."
ජන්ග්කුක් නම්ජුන්ට කතා කරලා වැඩි වෙලාවක් යන්න කලින් නම්ජුන්, ජිමිනුත් එකතු කරගෙන ජන්ග්කුක් කියපු තැනට ආවා. ජන්ග්කුක් සිද්ද වෙච්ච හැම දෙයක්ම එයාගේ හියුන්ග්ලට කිව්වේ ඇස් වල කදුලුත් පුරවගන්න ගමන්.
"ඒක මාව අහුකරන්න කවුරුහරි හිතාමතා කරපු දෙයක්. අනිත් එක ඒ ජැකට් එක මගේ. ටේහන් මේ කිසිම දෙයක් දන්නෙ නෑ. අනේ හියුන්ග් ටේහන්ට උදව් කරන්න."
නම්ජුන් කල්පනා කලේ මේ වෙලාවේ ටේහන්ව බේරගන්න කරන්න පුලුවන් මොකක්ද කියන එක ගැන.
YOU ARE READING
Clematis Garden
Fanfictionකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...