6th chapter

567 100 37
                                    

ගෙදර බෙල් එක රින්ග් වෙන සද්දෙන් නම්ජුන් උඩ ගිහින් ඇහැරුනා.

"ශිට්!!! කෝ මේ ගෙදර ඉන්න මිනිස්සු."

නම්ජුන් කාමරේ දොර දිහාට යද්දිම එයාට ඇහුනා ගෙදර වැඩට ඉන්න කෙනෙක් ගිහින් ගෙදර දොර අරිනවා.

"මිස්ටර්, කවුද?"

වැඩට ඉන්න කෙනා අහනවා නම්ජුන් ඇදේ ඉදන් නිදි මතේම අහගෙන හිටියා. කලින් දවස සිකුරාදා දවසක් නිසා නම්ජුන් එයාගේ යාලුවොත් එක්ක ක්ලබ් ගිහින් උදේ වෙන්න තමයි ගෙදර ආවේ.

"අහ් මේ මිස්ටර් හියොක්ගේ ගෙදරද??"

නම්ජුන්ට හුරු පුරුදු කටහඩක් ඇහුනත් තිබ්බ නිදි මතයි, තාමත් ඇගේ ඉතිරි වෙලා තිබ්බ ඇල්කොහොලුයි නිසා නම්ජුන් හිටියේ වෙනම ලෝකෙක.

"ඔව්, ඒත් සර් නම් මේ වෙලාවේ ගෙදර නෑ. සර් එන්න ගොඩක් රෑ වෙයි."

"අහ් නෑ නෑ.මං ආවේ නම්ජුන්ව හම්බවෙන්න. මං නම්ජුන්ගේ ටියුටර්."

ඒ වෙලාවේ තමයි නම්ජුන්ට තේරුනේ ඒ ඇවිත් ඉන්නේ ජින් කියලා. නම්ජුන් කාමරේ දොරත් ඇරගෙන සාලෙට දිව්වා.

"සර්, මේ මිස්ටර් සර්ව හම්බවෙන්න ඇවිත් තියන්නේ."

වැඩට ඉන්න කෙනා එහෙම කියලා ගෙදර ඇතුලට ගියා. එතකොට තමයි ජින් නම්ජුන්ව හරියටම දැක්කේ. ජින් ශොක් වෙලා වගේ නම්ජුන් දිහා බලාගෙන හිටියා.

"සොරි සර්. මං හිතුවේ නෑ සර් මේ වෙලාවේ..කමක් නෑ එන්න සර්. මං සර්ව ස්ටඩී රූම් එකට එක්කගෙන යන්නම්."

නම්ජුන් ජින් ලඟට ඇවිත් ජින්ගේ අතින් අල්ලගත්තා. වෙනදා වීරයා වගේ නම්ජුන් එක්ක කතා කරන ජින් අද ලැජ්ජාවෙන් වගේ ඇඹරෙනවා. නම්ජුන් ජින්ගේ අත අත ඇරියේ ජින් ලැජ්ජාවෙන් ඉන්නේ ඒක නිසා කියලා හිතුන හින්දා.

'සොරි සර්, සර්ට මං අත අල්ලගත්ත එකෙන් අපහසුවක් වුනානම්."

නම්ජුන් ජින් දිහා බලලා හිනා වුනා.

එත් ජින් තාමත් රතු වෙලා බිම බලාගෙන ඉන්නවා.

"සර් ලැජ්ජා වෙන්න එපා සර්. මේක සර්ගේ ගෙදර කියලා හිතාගන්න."

Clematis Garden Where stories live. Discover now