මිස්ටර් හියොක් හොස්පිට්ල් එකට එද්දි ජන්ග්කුක් ටේහන්ගේ කාමරෙන් පිටට ආවා. තමන්ගේ තාත්තව දැක්ක ජන්ග්කුක් තාත්තා ලඟට දුවගෙන ගියේ පොඩි එකෙක් වගේ.
"ඔයාට කරදරයක් නෑනේද ජන්ග්කුකා?"
මිස්ටර් හියොක් ජන්ග්කුක්ගේ මූණ අල්ලන ගමන් ඇහුවා.
"මට කරදරයක් නෑ තාත්තේ.ඒත් මගෙ යාලුවා තමයි මං නිසා කරදරේ වැටුනේ."
ජන්ග්කුක් මිස්ටර් හියොක්ගේ අතින් අල්ලගෙන ටේහන් හිටපු හොස්පිට්ල් රූම් එකට ගියා. මිස්ටර් හියොක් දැකපු ටේහන් හරිම අමාරුවෙන් බෙඩ් එකේ ඉදගත්තා.
"තාත්තේ, මේ ඉන්නේ ටේහන්. මෙයාට තමයි මං නිසා කරදර වුනේ."
මිස්ටර් හියොක් ටේහන් දිහා බැලුවා. වෙලුම් පටි වලින් අත පය වෙලාගෙන අහිංසක විදිහට තමන් දිහා බලන් ඉන්න ටේහන්ව දැකපු මිස්ටර් හියොක්ට මතක් වුනේ එයාගේ අතීතේ. අතීතේ තමන් මේ විදිහටම අහිංසක තරුණයෙක් වෙලා හිටියානේද කියලා සිතුවිල්ලක් මිස්ටර් හියොක්ගේ හිතට ආවා, ඒ ගමන්ම තමන්ට අත් වුන ඉරණමම මේ තරුන කොල්ලටත් හිමි වෙයි කියලා බයක් මිස්ටර් හියොක්ට ඇති වුනා.
"ස්තූතියි, ඔයා මගේ ජන්ග්කුක්ව බේරගන්න ජීවිතේ පරදුවට තිබ්බා. ඔයා හොද යාලුවෙක්. ස්තූතියි."
"අහ් එහෙම කියන්න ඕනි නෑ සර්. මං කරේ මට ඒ වෙලාවේ කරන්න ඕනි කියලා හිතුන දේ. අනික මට දැන් සනීපයි."
ටේහන් හුරතල් විදිහට හිනාවෙන ගමන් මිස්ටර් හියොක්ට කිව්වා. ටික වෙලාවක් ටේහන් එක්ක කතා කර කර හිටපු මිස්ටර් හියොක් ටේහන්ට සමුදුන්නේ රෝහල් කාමරයෙන් එලියට එන්න යැයි ජන්ග්කුක්ට හිසින් සන් කරමින්.
"ජන්ග්කුකා, එයාගේ දෙමව්පියන්ට දැන්නුවද? ඒ මිනිස්සු ගොඩක් කේන්තියෙන් ඇත්තේ මේක ගැන. "
"තාත්තේ, එයාගේ පේරන්ට්ස්ලා සෝල් වල අය නෙවෙයි. ටේහන් කිව්වා එයාලට මේක කියන්න එපා කියලා. ඒත් මට හරිම නරකක් දැනෙනවා මේ ගැන."
මිස්ටර් හියොක් බැරෑරුම් මූණකින් ඉන්න තමන්ගේ දෙවෙනි පුතා දිහා බැලුවා.
YOU ARE READING
Clematis Garden
Fanfictionකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...