14 character

434 99 3
                                    

"මාෆියා කල්ලි අතර ඇති වූ ගැටුමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරික කිම් බැන්ග් ශී  හියෝක් හා ඔහුගේ සමීපතම සේවක ජැක්සන් වන්ග් මිය යයි. ඔවුන් ඝාතනය කර ඇත්තේ සෝල් අධිවේගි මාර්ගයේදි වන අතර එහි සිදු වූ වෙඩි හුවමාරුවකින් ඔවුන් මෙසේ මිය ගොස් ඇත. මිය යනවිට 54 වන වියෙහි පසු වූ හියෝක් මහතා සමාජ සේවයෙහි නිරත වූ පුද්ගලයෙකි."

එදින ප්‍රවෘත්ති වාර්තා වලින් මුලු සෝල් නගරයම කැළඹුනා. ව්‍යාපාරිකයෙකු ලෙස හැදින්වූවත් මිස්ටර් හියොක් කියන්නේ මාෆියා නායකයෙක් කියන්නේ සෝල් නගරයෙහි ප්‍රසිද්ධ රහසක්. නමුත් ප්‍රතිපත්තිගරුක වූ මිස්‍ටර් හියොක්ට හැමෝගෙම හිත්වල තිබුනේ බිය මුසු වුන ගෞරවයක්. වැරද්දක් නොකරන කිසිම කෙනෙක්ට මිස්ටර් හියොක්ගේ කණ්ඩායමෙන් හානියක් වුනේ නෑ.

නම්ජුන්, ජන්ග්කුක්ව බලාගැනීමේ වගකීම පැවරිලා තිබුනේ ජින්ටයි, ජිමින්ටයි. තමන්ගේ තාත්තාගේ වියෝව දරාගන්න බැරුව ඉන්න මේ දරුවොන්ගේ හිත හදන්නේ කොහොමද කියන එක  ජින්ට හිතාගන්න බැරි වුනා. නම්ජුන්ව සනසන එක පහසුවුනත් ජන්ග්කුක් හිතුව තරම් සනසන්න පහසු වුනෙ නෑ. ජන්ග්කුක් කරේ එයාට වැරැද්ද පටවගත්ත එක. කලින් දවසේ රෑ තමන් තාත්තට කතා කරපු විදිහා සලකපු විදිහ සැරින් සැරේ ජන්ග්කුක්ගේ හිතට වද දෙන්න වුනා. තාත්තා පිටත් වෙන්න කලින් ජන්ග්කුක්ව සිපගත් අයුරු සැරින් සැරේ ජන්ග්කුක් ඉදිරියේ මැවී පේන්න පටන් ගත්තා.

"මං නිසයි මේ දේවල් වුනේ. මට තිබ්බේ කොහෙවත් ඉන්න මිනිහෙක් කියන එක අහන්නෙ නැතුව මගේ තාත්තව විශ්වාස කරන්න. මං මහ පව්කාරයෙක්."

Clematis Garden Donde viven las historias. Descúbrelo ahora