5th chapter

574 102 36
                                    

තමන් හදාගත්ත තේ එකත් අතින් ගත්ත හේ සොක් ඇදෙන් වාඩි වුනා. ජනෙල්ලෙන් පේන සෝල් නුවර ලස්ස්න දිහා. එක පේලියට තියන චෙරිගස් පේලිය මල්වලින් පිරිලා ගොඩනැගිලි අතරින් රෝස පාට ඉරක් වගේ පෙනුනා. දවස් ගාණක් හොස්පිට්ල් එකෙ ලෙඩ්ඩු ගැන බලලා මහන්සි වෙලා ගෙදර ආපු හේසොක්ගේ ඇසට වගේම මනසටත් ඒ චෙරි ගස් පේලිය දුන්නේ පුදුමාකාර නිදහසක්. තේ එක තොල ගාන ගමන්ම හේ සොක් සංසුන් විදිහට හිනා වුනා. ඒ වගේ වෙලාවක එයාගේ මනසට ආවේ ඔෆිසර් යුංගි. ඔෆිසර් යුංගිගේ පෞරුෂය හේ සොක්ගේ හිතට තදින්ම කා වැදිලයි තිබුනේ. ඔෆිසර් යුංගිව හේ සොක්ට මුලින්ම මුණ ගැහෙන්නේ වෙඩි වැදිලා තුවාල වුන අපරාධකාරයෙක්ට හේ සොක් ඉන්න හොස්පිට්ල් එකට ගෙනාවගෙන් පස්සේ. ඒ හේ සොක් සෝල් ඇවිත් අවුරුද්දකට පස්සේ. දරුණු විදිහට පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල වෙලා මරණාසන්නව හිටපු ඒ අපරාධකාරයා බේරුනේ හේ සොක්ගේ දැඩි උත්සහයෙන්. තමන්ගේ ලෙඩ්ඩු කිසිම කෙනෙක් මැරෙනවා දකින්න හේ සොක් කැමති වුනේ නෑ. තමන්ගේ ලෙඩාව බේරගන්න තියන අන්තිම අවස්ථාව දක්වා කැපවෙන්න හේ සොක් හැමවෙලාවෙම උත්සහ දැරුවා.  හේ සොක් බේරගත්ත අපරාධකාරයාගෙන් පස්සේ ඔෆිසර් යුංගිව මුලින්ම දැනහදුනගත්තට, ඔෆිසර් යුංගි හේ සොක්ට ගොඩක් සමීප වුනේ නාදුනන පිහිපාරකින් පාරක් අයිනේ තුවාල ලබලා වැටිලා හිටපු කෙනෙක්ට හේ සොක් තමන්ට උපරිම විදිහට ප්‍රතිකාර කරලත් ඔහුව බේරගන්න බැරි දවසක.. එදා හේ සොක් හිටියේ තමන්ගේ ලෙඩාව බේරගන්න බැරි වුන එක ගැන මානසිකව වැටිලා. ඒ වෙලාවේ හේ සොක් ලඟට ආව යුංගි හේ සොක්ගේ හිත හදන්න ගොඩක් උත්සහ කලා. බැරිම තැන හේ සොක්ගේ අතින් අල්ල ගත්ත යුංගි, සෝල් වල පාරක ඇවිද්දා. ඒ දවසෙත් ඒ පාරේ චෙරි ගස් වල චෙරි මල් පිපිලා පාරම රෝස පාට සලුවක් එලලා වගේ ලස්සනට තිබුනා.

"මේ ලස්සන පාරක කී දෙනෙක්ගේ හුස්ම ගිහින් ඇතිද ඩොක්ටර්, ඩොක්ටර් අල්ලන් ඉන්න මගේ අතේ කී දෙනෙක්ගේ අවසන් හුස්ම ගිහින් ඇතිද? මිනිස් ජීවිතේ එහෙමයි. වෙලාව ආවම හැම කෙනාටම යන්න වෙනවා. ඩොක්ටර් හිතනවා වැඩියි. ඒ කෙනා ඩොක්ටර්ට ගෙනාපු සාමාන්‍ය ලෙඩෙක් විතරයි. ඒත් ඩොක්ටර් මානසිකව ඒ කෙනාට ගොඩක් ලං වෙනවා."

Clematis Garden Where stories live. Discover now