උදෑසන දුම්වැටියක් දල්වා, පත්තරයක් කියවමින් උද්‍යානයක සිටින මැදි වයසේ පුද්ගලයෙකි. ඔහු දල්වා සිටින දුම්වැටියෙන් හා ඔහු හිඳ සිටි තැනට පසෙකින් දිස් වෙන සුවිසල් නිවසින් ඔහු ධනවතෙක් බව ඔහුව නොදන්නා ඕනෑම පුද්ගලයෙකුට කිව හැකිය. කියවමින් සිටි පත්තරයෙන් ඇස් මුදවා ගත් ඔහු නිවසේ ගේට්ටුව දෙසට ඇස් යොමු කලේ, ඔහුට අවශ්‍ය තොරතුරක් බලාපොරොත්තුවෙන් සිටි නිසාවෙනි. ඒ වෙනත් කිසිවෙක් නොව ප්‍රසිද්ධ ව්‍යාපාරික යමසාකිය.ඔහුගේ මුවඟට සිනාවක් නැගුනේ ඒ තොරතුර අතැති පුද්ගලයා එන අයුරු දැකීමෙනි. ඒ ඔහුගේ සමීපතම ගෝලයා වන කායි ය. නමුත් කායිගේ මූණේ ඇති ගැටලුකාරි ස්වභාවය කුමක් හෝ වරදක් සිදුව ඇති බව කියා පෑවේය. ඒත් සමඟම ඔහුගෙ දුරකතනය නාද විය.
"සර්! අපේ කන්ටේනර් එක.. ඒක පොලිසියට අහු වුනා."
දුරකතනයෙන් ලද ආරංචියෙන් යමසාකිගේ කේන්තිය ඉවවහා ගියේය.
"මෝඩ යක්කු. පොලිසියට අහු වුනානම් ඒ මිනිස්සුන්ට කතා කරලා මොනා හරි කරගන්න බලපන්. කොහොම හරි මෙ කන්ටේනර් එක නැති වුනොත් ඔක්කොම ඉවරයි. මේක කොහොම හරි එලියට ගන්න බලපන්."
"සර්! මේ සැරේ ලේසි වෙන්නෙ නෑ සර්. මේ සැරේ කෙලින්ම නාර්කොටික් එක බැහැලා තියන්නේ. නැත්තම් කිසිම ගේමක් නැතුව කන්ටේනර් එක රිලීස් කරගන්න තිබ්බා."
අනෙක් පස දුරකතනයෙන් ඇමතූ පුද්ගලයා එසේ පවසනවාත් සමඟම යමසාකි තම අතෙහි තිබූ ජංගම දුරකතනය මහ හඩින් පොලවේ ගැසුවේය.
"සර්! සර්ට ආරංචි වුනා එහෙනම්. බයවෙන්න එපා සර්. මං සර්ගේ නම ගෑවෙන්නෙ නැති වෙන්න මේක යට ගහන්නම්. ඒත් සර් කන්ටේනර් එක නම් ආය ගන්න වෙන්නෙ නෑ. මං දැනටමත් ලීගල් ඩොකියුමන්ට්ස් රෙඩි කලා."
කායිගේ ප්‍රකාශයෙන් පසු කේන්තියෙන්රතු වූ යමසාකිගේ මුහුන ටිකෙන් ටික යථා තත්වයට පත් විය.
CITEȘTI
Clematis Garden
Fanfictionකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...