22th chapter

401 85 9
                                    

ජන්ග්කුක්ව ඇදක හාන්සි කල ටේහන් ජන්ග්කුක් දෙස සන්සුන්ව බලාගෙන හිටියා.

ජන්ග්කුක්ව ඇදක හාන්සි කල ටේහන් ජන්ග්කුක් දෙස සන්සුන්ව බලාගෙන හිටියා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ටේහන් ජන්ග්කුක්ගේ මුහුණේ වූ තුවාල මත හෙමින් සිය ඇගිලි ගෙන ගියා. අඩුම තරමේ ටේහන්‍ට තමන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ලේ ගලන බවවත් තේරුනේ නෑ. තුවාල බෙහෙත් ගෙන ආ ටේහන් ඒ බෙහෙත් හෙමින් ජන්ග්කුක්ගේ තුවාල මත තැවරුවා. එවෙලෙහි අතේ ඇති වූ වේදනාව නිසා තම අත දෙස බැලූ ටේහන්ට ගලා යන ලේ පහර දකින්නට ලැබුනා. සිය කමිසය ගලවා දැමූ ටේහන් බෙහෙත් පෙට්ටිට තුල වූ දිගැති කතුරක් රැගෙන තම අතෙහි රැදී තිබූ උණ්ඩය අයින් කර දැමුවා. දැඩි වේදනාවක් වුවත් ජන්ග්කුක් අවදිවේයැයි සිතා ටේහන් නිහඩවම වේදනාව දරාගත්තා.  උණ්ඩය ඉවත් කල පසු තුවාල පිරිසිදු කරන දියරය තුවාලය උඩින් වක්කරගත් ටේහන්ට ඉන් ඇති වූ වේදනාව දරාගත නොහැකිව කෑගැසුනා. වෙලුම් පටියක් තුවාලය වටා බැදගත් ටේහන් තම වේදනාවන් ඉවසා ජන්ග්කුක්ගේ තුවාල වල බෙහෙත් තැවරූවා. ජන්ග්කුක් හෙමින් ඇස් විවෘත කලා. ඔහුට සිය ඇස් මතින් බොද වී පෙනෙන ටේහන්ගේ රුව දිස් වුනා. මොහොතක් ඒ දෙස බලා සිටි ජන්ග්කුක් ටේහන්ගේ දෙතොල් සිපගත්තා. මදක් සිය පෙම්වතාගේ දෙතොලින් මිදුනු ජන්ග්කුක් ටේහන් දෙස බලා සිට නැවත ටේහන්ගේ දෙතොල වෙත ඇදුනා. ටේහන්ටද එවර ඔහුව පාලනය නොවන සෙයක් දැනෙන්නට වුනා. දෙදෙනාගෙම දෙතොල් එකිනෙක වෙලෙන්නට වුනේ දෙදෙනාගෙම ශාරීරික වේදනාවක් අමතක කරමින්. ජන්ග්කුක් ටේහන්ව තමා වෙත ඇද ඔහුව වැලඳගත්තේ ආදරයෙන්. ඔවුන්ගේ දෙතොල් සිප ගැනීම ටිකෙන් ටික වර්ධනය වී ඔවුන්ගේ ශරීරයන්  එකිනෙක හා ගැටෙන්නට වුනා.කාලයක් තිස්සේ ඔවුන් සිර කර සිටි හැඟීම් එකිනෙකා මත මුදා හැරියේ සිහින් කෙදිරිලි මැදයි.

Clematis Garden Tempat cerita menjadi hidup. Temukan sekarang