ජන්ග්කුක් තම දෑතින්ම ටේහන්ගේ දෑතෙට මාංචු දමා ප්‍රශ්න කරන කාමරය වෙතට රැගෙන ගියා. මාංචු යුවල අගුලු වැටුනා සේම ටේහන්, ජන්ග්කුක් දෙදෙනාගේ හදවත්ද අගුලු වැටී තිබුනා.ඒ හදවත් තුල එකිනෙකා වෙනුවෙන් පැවසිය යුතුව තිබූ දාහක් දේ තිබුනත් ඒ මොහොත ඔවුනොවුන්ට බාධාවක් වුනා. තවදුරටත් ඔවුන් පෙම්වතුන් වුනේ නෑ. අනේකා අපරාධයක් සඳහා සැකකරුවෙකු වනව සේම අනෙකා ඒ අපරාධකරු අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරියයි.
උසස් පොලිස් නිළධාරියෙක් එම කුටියට පැමිණ ටේහන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කලා.
ජන්ග්කුක් තම උසස් පොලිස් නිළධාරියාට ටේහන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කිරීමට දී වීදුරු කවුලුව තුලින් ටේහන් දෙස බලා සිටියා. මේ සිටින්නේ තවදුරටත් තමා දන්නා ටේහන් නොවන බව ජන්ග්කුක්ට වැටහුනා. තමා ආදරය කල, තමාට ආදරය කල, තමන්ගේ හැම නපුරුකමක්ම ඉවසූ ටේහන්ගේ අහිංසක ස්වභාවය ජන්ග්කුක්ට මැවී පෙනුනා. නමුත් මේ ටික කාලෙකට ටේහන්ගේ ස්වරූපය මෙන්ම හැසිරීමද තමා දැන සිටි ආදරණීය ටේහන්ට වඩා සම්පූර්ණයෙන් වෙනස් වී තිබුනා. සමහරවිට ඒ ටේහන්ගේ පියාගෙ බලපෑම නිසා වෙන්න ඇති. තවදුරටත් ඔහු ඉගෙන ගැනීම සඳහා දුක් විදිමින් රැකියා කල, කුඩා සීතල කාමරයක නිදාගත් ටේහන් නොව කොරියාවේ නිතිගත නොවූ ව්‍යාපාරයන් හසුරුවන ප්‍රසිද්ධ මාෆියාකාරයෙකුගේ පුතකු බව ජන්ග්කුක්ට සිහි වුනා.
YOU ARE READING
Clematis Garden
Fanfictionකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...