තම ජංගම දුරකතනය නාද වන හඩින් ටේහන් අවදි වුනා. ටේහන් අවදි වන විටම දුටුවේ තමන්ව තදින් තුරුල් කරන් සිටින ජන්ග්කුක්ව. ජන්ග්කුක් දැඩි නින්දකට වැටී සිටියා. ජන්ග්කුක්ගේ අත හෙමින් තම ශරීරයෙන් ඉවත් කල ටේහන් ජංගම දුරකතනය දෙස බැලුවා. දුරකතන තිරයේ තිබූ අංකය දුටු ටේහන් පුදුමයට පත් වුනා.
"හියුන්ග්!!"
ටේහන් දුරකතන ඇමතුමට පිලිතුරු දුන්නා.
"ටේහන් ඔයා කොහෙද ඉන්නේ? ජංග්කුක් කොහෙද? එයා හොදින් නේද?"
දුරකතනය අනිත් පසින් ඇමතුවේ නම්ජුන්.
"ඔව් හියුන්ග්. උන් හියුන්ව එලියට ගන්න ඕනි නිසා ජන්ග්කුක්ව කිඩ්නැප් කරලා. සොරි හියුන්ග්ට කිව්වේ නැති වුනාට. ඒ ආරංචි උන ගමන්මයි මං සෝල් වලට ආවේ. ඒත් හියුන්ග්...??"
"මං දැනගත්තා ටේහන් ඒ විදිහට හැසිරෙන්නෙ අනිවාර්යයෙන් ජන්ග්කුක් ගැන ප්‍රශ්නයක් නිසා කියලා. ඒකයි මාත් සෝල් ආවේ. මං බය උනා ටේහන්ට ඒ ප්‍රශ්නේ තනියම විසදගන්න බැරි වෙයි කියලා. කෝ දැන් ජන්ග්කුක්? එයා හොදින් ඉන්නවා නේද..?"
ඒ මොහොතේ ටේහන්ගේ කටහඩ ඇසී ජන්ග්කුක් හෙමින් තම ඇස් විවර කලා. ජන්ග්කුක් දෙස බලා සිනාසුනු ටේහන් නම්ජුන්ට උත්තර දුන්නා.
BẠN ĐANG ĐỌC
Clematis Garden
Fanfictionකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...