11th chapter

531 105 40
                                    

මිස්ටර් හියොක් ගෙදරට ඇතුල් වෙනකොට ටේහන් සාලේ තිබ්බ සෝෆා එකේ වාඩි වෙලා හිටියේ. ජන්ග්කුක් ටේහන්ට මූනලා තිබ්බ සෝෆා එකෙන් වාඩි වෙලා හිටියා. ජන්ග්කුක් ස්කොලර්ශිප් එක ගැන කිසිම විස්තරයක් දැනගෙන හිටියේ නෑ. ජන්ග්කුක් හිතුවේ තමන් බේරගත්ත එක ගැන ටේහන්ට ස්තූතියි කරන්න ඕනි නිසා මිස්ටර් හියොක් ටේහන්ට ආරාධනා කලා කියලා. මිස්‍ටර් හියොක් සාලෙට ඇතුල් වෙනකොටම ටේහන් සෝෆා එකෙන් නැගිට්ටා.

"අහ් ටේහන්, ඉදගන්න ඉදගන්න."

හියොක්ගේ ආරාධනාවට අනුව ටේහන් ආයෙමත් ඉදගත්තා.

"ටේහන්, මං ඇත්තටම ස්තූතියි කරනවා ඔයා ජන්ග්කුක්ට කරපු උදව්වට. ජන්ග්කුක් මට ගොඩක් දේවල් කිව්වා ඔයා ගැන."

"අනේ සර්, ඒක එච්චර දෙයක් නෙවෙයි. මං කලේ මට කරන්න තිබුන දේ."

"ඔව් මං ඒක දන්නවා. ටේහන්. මං කැමතී ටේහන්ට මට පුලුවන් විදිහට උදව් කරන්න."

මිස්ටර් හියොක් කිව්වා.

"අනේ සර් මේක මං සල්ලි බලාපොරොත්තුවෙන් කරපු දෙයක් නෙවෙයි. අනික මගේ වියදම් මං පාර්ට් ටයිම් කරලා කවර් කරගන්නවා. එහෙම ලොකු වියදමක් යන්නෙ නෑ."

ටේහන්  හිතුවේ මිස්ටර් හියොක් එයා ගැන වැරදි විදිහට හිතුවා කියලා.

"ඒ උනාට ටේහන් ඔයාට මෙහේ වගේ නෙවෙයි ජර්මනියේ ඉද්දි ගොඩක් වියදම් යයි."

"ජර්මනි??"

ඒ ජන්ග්කුක්.

"ඔව් ටේහන්, නම්ජුන්ට ලැබුන ජර්මන් ස්කොලර්ශිප් එකට මං ඔයා රෙකමන්ඩ් කලා.මිස්‍ටර් ජින් කියන විදිහට මේක ඔයාට හොද අවස්ථාවක්. අනික මං දන්නවා ඔයාටත් ඕනි හොද තැනකට ගිහින් ඔයාගේ දෙමව්පියෝ දෙන්නව සතුටින් තියන්න."

ටේහන්ට මුකුත් හිතාගන්න බැරි වුනා. ජන්ග්කුක්ටත්. ටේහන් දැනගත්තා මේ අවස්ථාව තමන්ගේ ජීවිතේට හිතන්නවත් බැරි තරම් ලොකු අවස්ථාවක් කියලා.

"ඒත් මගේ ගෙදර අය??"

ටේහන්ට එකපාරම මතක් වුනේ තමන්ගේ දුප්පත් දෙමව්පියො දෙන්නව.

Clematis Garden Onde histórias criam vida. Descubra agora