රාත්‍රි 7ට පමණ ජැක්සන් හියුක් ඉන්ඩස්ට්‍රි ගොඩනැගිල්ලේ ඉහල මහලකට වී ලිපි ගොණු පරික්ශා කරමින් සිටියා. ජැක්සන් නොසිතූ ලෙස පෙරටත් වඩා හියුක් ඉන්ඩස්ට්‍රි හී ව්‍යාපාරික කටයුතු ඉහළ ගොස් තිබුනා. අලුත් විදෙස් ආයතන කිහිපයක් හියුක් ඉන්ඩස්ට්‍රි සමඟ ආයෝජනය කිරීමට කැමැත්ත පල කර තිබුනා. නම්ජුන්ගේ අතුරුදන් වීමත් සමඟ හියුක් ඉන්ඩස්ට්‍රි හා අනෙකුත් අප්‍රසිද්ධ ව්‍යාපාර සියල්ලකම බර ජැක්සන්ගේ උර මත පැටවුනා. නමුත් අත්දැකීම් අතින් ජැක්සන් නම්ජුන්ට වඩා ඉහල තැනක සිටි බැවින් ඒ කටයුතු කිසිදු බාධාවක් නොමැතිව සිදු කිරීමට ජැක්සන්ට හැකි වුනා.ජංගම දුරකතනය නාද වන හඬින් ජැක්සන්ගේ අවධානය දුරකතන තිරය වෙතට යොමු වුනේ. තිරයේ සදහන් වුනේ නොහදුනන අංකයක්. ජැක්සන් ඇමතුම ලබාගත්තේ චකිතයකින්.
"හෙලෝ ජැක්සන්.මං නම්ජුන්."
නම්ජුන්ගේ කටහඩ ඇසීමෙන් ජැක්සන්ගේ හදවත ප්‍රීතියෙන් ඉපිලී ගියා.
"සර්!!!! සර් කොහෙද ඉන්නේ?? සර් හොදින් ඉන්නවා නේද??"
"මං දැන් ඉන්නේ සෝල් වල. කාටවත් කියන්න එපා මං ගැන. මං ජැක්සන්ව ජැක්සන්ගෙ ගෙදරදි හෙට හම්බවෙන්නම්."
________________________________________
"සර් අපි හැමතැනම ජන්ග්කුක්ව සර්ච් කරනවා. හයිවේ එකේ සීසීටීවී රෙකෝඩුත් අපිට දැන් ලැබුනා. ඒවත් එක්ක අපිට වාහනේ ගැන හොයාගන්න පුලුවන්."
යුංගි ඇමතු සහකාර පොලිස් නිළඳාරියෙක් පැවසුවා. යුංගි ඔහුට අවශ්‍ය උපදෙස් ලබා දී දුරකතනය ක්‍රියා විරහිත කරනවාත් සමඟම ශල්‍යාගාරයෙන් වෛද්‍යවරයෙක් පිටතට පැමිණුනා.
KAMU SEDANG MEMBACA
Clematis Garden
Fiksi Penggemarකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...