13th chapter

422 96 22
                                    

ඩියුටි ඕෆ් වුන ගමන් යුංගි හොස්පිට්ල් එකට ගියේ හේසොක් එක්ක ගෙදර යන්න. ඒත් ඒ වෙද්දිත් හේසොක්ගේ ඩියුටි ඉවර වෙලා තිබුනේ නැති නිසා යුංගි හොස්පිට්ල් එකේ තියන පුටුවක වාඩි වෙලා හිටියා. හේසොක් ඩියුටි ඉවර වෙලා යුංගි දෙසට ඇවිදන් එනවත් එක්කම දුවගෙන ආපු කෙනෙක් හේසොක්ගේ ඇගේ වැදිලා දෙන්නම දෙපැත්තට විසි වුනා.

 හේසොක්ගේ ඇගේ වැදුන පුද්ගලයා යන්තම් වැටෙන්නෙ නැතුව බේරුනත් හේ සොක් හිතපු නැති මොහොතක් නිසා ඊලඟ මොහොතේ හේසොක් හිටියේ පොළව බදාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හේසොක්ගේ ඇගේ වැදුන පුද්ගලයා යන්තම් වැටෙන්නෙ නැතුව බේරුනත් හේ සොක් හිතපු නැති මොහොතක් නිසා ඊලඟ මොහොතේ හේසොක් හිටියේ පොළව බදාගෙන.

"අනේ මට සමාවෙන්න ඩොක්ටර්."

හේ සොක් බලද්දි ඒ පුද්ගලයත් ඩොක්ටර් ගවුන් එකකින් සැරසිලා හිටපු නිසා ඒ කෙනා රෝහලේම ඩොක්ටර් කෙනෙක් කියලා කියන්නන් පුලුවන් උනා. ඔහුට තිබුනේ සුදු පැහැති සමක් වගේම කඩවසම් මුහුණක්. ශරීර උසින් ඔහු හේසොක්ටත් වඩා උසයි කියලා හිතන්න පුලුවන් උනා. යුංගි ඔවුන් දෙසට එනවිටත් අනිත් වෛද්‍යවරයා හේසොක්ව නැගිටවන්න උත්සහ කරමින් හිටියා.

"ඩොක්ටර්ට අවුලක් නෑනේද?"

අනිත් වෛද්‍යවරයා හේ සොක්ගෙන් කාරුණිකව ඇහූවා.

"අනේ නෑ ඩොක්ටර් කන්ග් චුල්. මං හොදින්."

හේ සොක් අතේ තිබුන දූවිලි පිසදාන ගමන් වෛද්‍ය කන්ග්චුල් දිහා බලලා හිනා වුනා.

"යාහ්, පාර බලාගෙන යන්න බැරිද? ඔයාට රිදුනේ නෑනේද?"

යුංගි හේ සොක්ව පරික්ශා කලා.

"මට සමාවෙන්න. ඇත්තටම."

වෛද්‍ය කන්ග්චුල් නැවත සමාව ගත්තා.

Clematis Garden Where stories live. Discover now