කාලය බොහොම ඉක්මනින් ගෙවිලා ගියා. ඒ වෙද්දි ටේහන් ජර්මනියට ගිහින් අවුරුදු එක හමාරයි. ඔව්. අවුරුද්දකින් එන්නම් කියලා ගියපු ටේහන්ට රිසර්ච් එකකට සම්බන්ධ වෙන්න ලැබුනා. ඒ නිසා ටේහන් ජර්මනි ඉන්න කාල සීමාව තවත් දීර්ඝ වුනා. ටේහන් ආපහු කොරියාවට එනකන් ජන්ග්කුක් බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියේ.
"අයිම් සොරි ජන්ග්කුක්, ඔයා දන්නවනේ මට ඕනි ඉක්මන්ට ඔයා ලඟට එන්න. මේ රිසර්ච් එක ඉවර වුන ගමන්ම මං එනවා. මේ රිසර්ච් එක ඉවර කරගත්තා කියන්නේ මට අම්මයි තාත්තාවයි සෝල් වලට එක්කගෙන එන්න පුලුවන් කියන එක.ඒකයි මේක මට ගොඩක් වැදගත්."
ජන්ග්කුක් එක්ක ටේහන් කතා කරන හැම වෙලාවෙදිම ටේහන් මැතිරුවේ ඔය දේ. ටේහන්ගේ අනාගතේ වෙනුවෙන් තවත් මාස 6 ක් බලාගෙන ඉන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා ජන්ග්කුක් හිත හදාගත්තා.
එතකොට නම්ජුන්, ජිමින්. ඒ වෙද්දි යුනිවර්සිටි එකේ එයාලගේ අන්තිම අවුරුද්ද. එක්සෑම්ස්, තීසිස්, රිසර්චර්ස් නිසා ඒ දෙන්නා ගොඩක් හිර වෙලා හිටියේ. නම්ජුන් තමන්ගේ bf වුනත් ජින් එයාට කිසිම බුරුලක් පෙන්නුවේ නෑ. ජින්ට උවමනා වුනේ නම්ජුන් එයාගේ හීනෙට යනවා දකින්න. ඒ නිසා ඒකට නම්ජුන්ට වඩා ජින් මහන්සි වුනා.
ESTÁS LEYENDO
Clematis Garden
Fanficකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...