10th chapter

516 106 33
                                    

හොස්පිට්ල් එකෙන් ටේහන් කෙලින්ම ආවේ එයාගේ ගෙදරට. ටේහන් හොස්පිට්ල් එකේ ඉන්නකන්ම ජන්ග්කුක් ටේහන්ගේ පස්සෙන් ඉදලා එයාට උදව් කලා. ටේහන්ට කොච්චර උදව් කලත් ටේහන්ට මේ දේ වුනේ තමන් නිසා කියන හැඟීම ජන්ග්කුක්ගේ හිතට තදින්ම වද දුන්නා. ජන්ග්කුක් ටේහන්ගේ ගෙදර ඇතුලටම එයාව ඇරලවන්න හැදුවත් ටේහන් ඒකට ඉඩ දුන්නේ නැත්තේ තමන්ගේ චූටි ගෙදරට ජන්ග්කුක් වගේ කෙනෙක් ඇතුල් වෙන එක හොද නෑ කියලා හිතුන නිසා. ටේහන් කකුලත් ඇද ගගහ හැඩි වෙලා තිබ්බ පුංචි කාමරය අස් කරන්න ගත්තා. අන්තිමේදි මහන්සියට බිම දාලා තිබ්බ මෙට්ටේ වැතිරෙනවත් එක්කම එයාට ඇහුනේ කාමරේ දොරට තට්ටු කරන හඬ.

"කෑම ගෙනාවා."

ටේහන් දොර අරිනවත් එක්කම ජන්ග්කුක් කාමරයට ඇතුල් වුනා. ජන්ග්කුක්ට හිතාගන්නවත් බැරි වුනා මේ පුංචි කාමරයේ ටේහන් කොහොමද ජීවත් වෙන්නේ කියලා.

"ඇයි ජේකේ ඔයා ආවේ. ඔයා මේ වගේ තැනකට එන එක ඔයාට හරි නෑ."

ජන්ග්කුක් ටේහන් දිහාවට හැරිලා බලාගෙන හිටියා. ජේකේ මුකුත් කියන්නෙ නැතුව ටේගේ අත උඩින් එයා ගෙනාපු පාර්සලේ තියලා ටේගේ මෙට්ටෙට ගිහින් වැතිරුනා. ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගෙන හිටපු ටේහන් කෑම එකත් අරගෙන මෙට්ටෙට ආවා.

"ඔයා කෑවද?"

"නෑ මං ඔයත් එක්කම කන්නම්."

කෑම කාලා ඉවර වෙලා ටේහන්ට ඕනි බෙහෙත් ටිකත් පොවපු ජන්ග්කුක් ටේහන්ගේ කාමරෙන් පිට වෙලා ගියා.

කෑම කාලා ඉවර වෙලා ආපහු මෙට්ටෙන් වැතිරුන ටේහන් කල්පනා කලේ ජන්ග්කුක් ගැන. ජන්ග්කුක් කවදාවත් තමන්ට මේ තරම් ලං වෙයි කියලා ටේහන් හීනෙකින්වත් හිතුවේ නෑ. හැමදාම ටේහන් කලේ තමන්ට ඈතින් ඉන්න තමන්ගේ ආදරේ දිහා බලාගෙන හිතින් විතරක් ආදරේ කරපු එක. ජන්ග්කුක් තමන්ට කොච්චර රිද්දුවත් ජන්ග්කුක් ගැන තරහක් කවමදාවකවත් ටේහන්ට දැනිලා නෑ. ජන්ග්කුක් තමන්ට දවසින් දවස ලං වෙන එකෙන් ටේහන්ට දැනුනේ අපහසුවක්. මොකද ටේහන්ට දැනුනා ඒකෙන් වෙන්නෙ තවත් තමන්ගේ හැඟීම් හංඟගෙන ඉන්න අපෝසත් වෙන එක කියලා.

Clematis Garden Opowieści tętniące życiem. Odkryj je teraz