අපරාධ පරීක්ශණ රාශියකට මැදි වී සිටි හෙයින් යුංගිට එම සති කීපය විඩාබර එකක් වුනා. හැමදාම හවසට හෝසොක්ව මුණ ගැසීම පුරුද්දක් කරගෙන හිටපු යුංගිට කාර්යබහුලත්වය නිසා ඇතැම් වෙලාවට ඒ අවස්ථාවන් මඟ හැරුනා. සමහර දවස් තිබුනා යුංගිගෙන් හෝසොක්ට ඇමතුමක්වත් නොලැබුණ. යුංගි ඒ තරම් රාජකාරියට කැපවී සිටි තරුණ නිළධාරියෙක්. හෝසොක්ට තමන්ව මතක් වෙන බව දන්න නිසාම යුංගි තමන්ගේ වොයිස් එක රෙකෝඩ් කරපු වොයිස් රෙකෝඩ් එකක් සමඟ මල් පොකුරක් හෝසොක්ගේ රෝහලට යැව්වා. කාර්‍යබහුල සති කීපයකට පසු යුංගි හොස්පිට්ල් එකට ගියේ දවස් ගාණක් තිස්සේ දකින්නවත් බැරි වුන තමන්ගේ ආදරවන්තයාව දකින්න. හෝසොක් එනතුරු යුංගි හොස්පිට්ල් එක අසල තිබුන බංකුවක වාඩි වී සිටියා.
ටික වෙලාවකට පසු රෝහලෙන් එලියට පැමිනියේ ඩොක්ටර් කංග්චුල් සමඟ. සාමාන්‍ය පෙම්වතෙක්ට දැනෙන ඉරිසියාකාරී හැඟීමක් ඒ මොහොතේ යුංගිගේ හදවතේ පැන නැඟුනා."එහෙනම් අපි හෙට හවස මුණ ගැහෙමු."
හෝසොක් ඩොක්ටර් කංග්චුල්ට සමු දී යුංගි දෙසට පැමිණියා.
"ඕහ් කොහෙද දෙන්නා හෙට යන්න හදන්නේ?"
යුංගි හෝසොක්ගෙන් ඇහුවේ ඉරිසියාව මුසු කටහඩකින්."ඔහ් මෙන්න මෙයාට ඉරිසියා හිතිලා. යාහ් යුංගියා, අපි දවස් කීයකින්ද මුණ ගැහුනේ. ඔයා මගේ කෝල්ස් වලට ආන්සර් කරෙත් නෑනේ. කාලෙකට පස්සේ හම්බවෙලා ඉස්සල්ලම ඕකද ඔයාට අහන්න තියන්නේ?"
හෝසොක් යුංගිගේ අතේ එල්ලුනා.
"ඒ උනාට මං කැමති නෑ ඔයා ඒ මනුස්සයා එක්ක වැඩිය ගණුදෙනු කරනවට."
ESTÁS LEYENDO
Clematis Garden
Fanficකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...