සුදු පැහැති ආලෝකයක් දෑස් මතට එල්ල වීමෙන් නම්ජුන් සෙමින් ඇස් විවෘත කලා.උදෑසන වුවත් සෘජුවම මුහුණට එල්ල වන හිරු එලිය නම්ජුන්ට පීඩා කල හෙයින් නම්ජුන් මුහුණ සිය අතින්ම වසා ගනිමින් දෑස් පියාගෙන කල්පනා කලේ තමන් සිටින්නේ කොහෙද කියයි.
සිරුර චලනය වනවාක් මෙන් දැනුන නිසා තමන් මේ සිටින්නේ නිවසක නොවන බව නම්ජුන්ට තේරුනා. සිදු වූ දේවල් කල්පනා කිරීම පසෙක ලූ නම්ජුන් ඉක්මනින්ම නිදා සිටි තැනින් නැගිටුනේ සිදුවන්නේ කුමක්දැයි තමන් විසින්ම දැන ගැනීමට අවශ්‍ය නිසා. නම්ජුන් තමා සිටි කාමරෙන් පිටතට ආ විගසම ඔහුට හාත්පසම දැකගත හැකි වුනේ නිල්වන් මුහුද. තමන් සිටින්නේ පෞද්ගලික බෝට්ටුවක බව වටහා ගැනීමට නම්ජුන්ට වැඩි වෙලාවක් ගියේ නෑ. තමන්ගේ බද ප්‍රදේශය දරුණු ලෙස රිදුම් දෙනවා යැයි ඔහුට වැටහුනේ ඔහු සිටි කුටියට ආපසු පැමිනෙන විටයි. ඇද සිටි කමිසය ඔසවා නිරීක්ශනය කරන විට නම්ජුන්ට දැකගත හැකි වුනේ බද ප්‍රදේශයේ තිබූ තුවාල කැළලයි.
"හියුන්ග්, ඔයා නැගිට්ටද??"
ටේහන්ගේ කටහඩ කුටියේ දොර අසලින් මතු වුනා. ටේහන් කැපූ පලතුරු පිරුණු තැටියක් අතෙහි තබාගෙන හිටියා.
YOU ARE READING
Clematis Garden
Fanfictionකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...