15th chapter

438 91 32
                                    

ජන්ග්කුක් මයිකල්ගේ ගෙදරට ගියේ මිනීමැරුම ගැන තිබ්බ සාක්ශි එකතු කරගන්න හිතාගෙන. මයිකල්ගේ ගෙදරට යන අතරමග ජන්ග්කුක් කල්පනා කලේ මයිකල්ගේ මිනීමරුවා කවුරු වෙන්න පුලුවන්ද කියලා. මීට මාස කිහිපයකට කලින් නම් සමහරවිට ඒ තමා වෙන්න පුලුවන් කියලා ජන්ග්කුක්ට හිතුනා. තාත්තා මැරෙන්න කලින් දවසේ මයිකල්ව ජන්ග්කුක්ට මුණගැහුනම මයිකල් කලේ තාත්තව ජන්ග්කුක්ට එපා කරපු එක. මයිකල් කියපු දේවල් නිසා ජන්ග්කුක්ට අන්තිම මොහොතෙදි තාත්තට ආදරෙන් ඉන්න බැරි වුනා විතරක් නෙවෙයි මිස්ටර් හියොක් එහෙම ගමනක් ගියෙත් මයිකල් නිසා. මයිකල්ව ඒ මොහොතේ මරණවා නම් මරන්න තරම් තරහින් ඉන්නේ එක්කෝ තමන් නැතිනම් තමන්ගේ අයියා කියලා ජන්ග්කුක් දැනගෙන හිටියා. ඒත් නම්ජුන් ඒ වගේ දෙයක් කරන්නෙ නෑ කියලා ජන්ග්කුක් දැනගෙන හිටියා.

පහුගිය කාලේ ජන්ග්කුක් පිස්සුවෙන් වගේ මයිකල්ව හොයද්දිත් නම්ජුන් කලේ ජන්ග්කුක්ව නවත්තපු එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පහුගිය කාලේ ජන්ග්කුක් පිස්සුවෙන් වගේ මයිකල්ව හොයද්දිත් නම්ජුන් කලේ ජන්ග්කුක්ව නවත්තපු එක. නම්ජුන් දැනගෙන හිටියා මයිකල් වගේ සුලු මිනිහෙක්ට මාෆියා ලීඩර් කෙනෙක් වුන තමන්ගේ තාත්තට අත තියන්න බෑ කියලා. ඒ නිසා නම්ජුන් කරේ මයිකල්ව අත ඇරලා මේකට සම්බන්ධ ප්‍රධාන මොළකරු හොයපු එක. තමන්ගේ පළිගැනීම සම්පූර්ණ කල පුද්ගලයා ගැන ජන්ග්කුක්ට ඇති වුනේ කුතුහලයක්. සමහරවිට තාත්තාගේ මරණේ මහ මොළකරු විසින්ම සාක්ෂි පිට යයි කියලා මයිකල්ව මරන්න ඇති කියලා ජන්ග්කුක්ට හිතුනට යමාසාකි තමන්ගේ දකුණු අත වගේ ඉන්න මයිකල්ට අත තියයි කියලා හිතාගන්න ජන්ග්කුක්ට බැරි වුනා. මයිකල්ගෙ නිවසට ළඟා වෙද්දිත් මයිකල්ගේ නිවසට පොලිස් ආරක්ෂාව දීලා තිබුනා. එහි සිටි එක් පොලිස් නිළධාරියෙක් ජන්ග්කුක් දිහාට ආවා.

Clematis Garden Where stories live. Discover now