අවුරුද්දකට පසු..
එය කොරියාවේ කදුකරයට ආසන්නව පිහිටි අප්රසිද්ධ නගරයක්. මුලු කදුකරයම වසන්ත කාලයට සැරසෙමින් සිටියා. චෙරි ගස් රෝස පැහැයෙන් යායට බබලන්න ගත්තා. ඒ චෙරි ගස් පාමුල කඩවසම් තරුණයෙන් චෙරි මල් සුවද විදිමින් සිටියා. පරිසරයේ ලස්සන සමඟ තරුණයාගේ කඩවසම් බව එකිනෙකට තරඟ වදින්නාක් සේ ඈත සිට බලන්නෙකුට පෙනෙන්නට තිබුනා. කලු පැහැති ඇදුමින් සැරසුනු ඔහුගේ කලු කෙස් ඔහුගේ මුහුනේ කඩවසම් බව තවත් වැඩි කලා. ඔහුගේ තියුනු ඇස් චෙරි මල් අතරින් මිදුනේ කෙනෙකු තමන් වෙතට ඇවිද එන ශබ්දයෙන්. ඔව්. ඒ ඔහු මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි මොහොත. මුහුණේ ආදරණීය සිනාවක් නංවාගෙන ඔහු තමන් වෙතට පැමිනෙන්නා දෙස බැලුවා.
සුදු පැහැති ඇදුමට හා කැරලි ගැසුනු කොන්ඩයට ඔහුව පෙනුනේ දේවදූතයෙකු වගේ. ඝණ කලු ඇස් බැමි ඔහුගේ මුහුණට තවත් කඩවසම් බවක් එක්ක කලා. චෙරි ගස් අතරින් තම පෙම්වතා වෙතට පැමිණි ඔහු පෙම්වතාගේ දෙඅත් අල්ලා ගත්තා.
"ටේ!!! ඔයා අද හරිම ලස්සනයි."
තම පෙම්වතා තමා දෙසට පිය නගනු බලා සිටි ජන්ග්කුක් පැවසුවා.
"ඔයත් එහෙමයි ජේකේ."
YOU ARE READING
Clematis Garden
Fanfictionකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...