ජින් නම්ජුන් දිහා බැලුවේ පුදුමෙන්. ජින් ඇස් වල කදුලු පිහිද ගන්න ගමන් නම්ජුන් ලඟින් ආපහු වාඩි වුනා. නම්ජුන් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු ජින් හිනා වෙලා ඔලුව වැනුවා.
"සර්, සමාවෙන්න. මං නිසා සර් බය වුනා නම්. ඒත් මේ තමයි අපේ ජීවිතේ. අනතුරක් මොන අවස්තාවෙද කියලා කියන්න බෑ."
නම්ජුන් අමාරුවෙන් කිව්වා.
"ඒත් ඔයා තාම ඉගෙන ගන්න ළමයෙක්. ඒ නිසා පරිස්සම් වෙන්න. බලන්න ඔයා නිසා ඔයාගේ යාලුවා කොච්චර බය වුනාද. ඒ නිසා මීට පස්සේ පරිස්සමින්."
ජින් කිව්වා.
"සර් බය වුනේ නැද්ද?"
නම්ජුන් ජින්ගේ ඇස් දෙක දිහා බලාගෙන ඇහුවම ජින්ට දෙන්න උත්තරයක් නැති වුනා.
"අනිවාර්යෙන්ම මං බය වුනා. ඔයාට ඔහොම වෙච්ච එකේ වගකීම මටත් පැවරෙනවා. මං නේ ඔයාට එක්සෑම් ලියන්න දුන්නෙ නැත්තේ. ඒ නිසා මං බය නොවුනා කියන්න බෑ."
ජින් සන්සුන් ස්වරයකින් කිව්වා.
"අහ් ඒක මිසක්. නැතුව මං ගැන තිබ්බ ආදරේකට නෙවෙයි."
ජින්ට ඇහෙන නෑහෙන ගානට කිව්ව නම්ජුන් පොරවනය බෙල්ල වෙන තෙක් උඩට කරා.
"මොකක්ද කිව්වේ?"
ජින් අහනවත් එක්කම කාමරේ දොර විවෘත වෙන සද්දෙන් නම්ජුන්, ජින් දෙන්නම දොර දිහා බැලුවා. දොරෙන් ඇතුලු වුනේ ගිරා හොටක් වගේ නහයක් තියන මහත පුද්ගලයෙක්. ඔහුට තියුණු ඇස් දෙකක් තිබුනා. ඒ පුද්ගලයා නම්ජුන්ගේ ඇද ලඟට ඇවිත් නම්ජුන්ගේ අතෙන් අල්ල ගත්තේ නම්ජුන්ව පුරුදු කෙනෙක් විදිහට. ජින් තමන් හිටපු තැනින් නැගිටලා ඒ ආව කෙනාට තමන් ඉදගෙන හිටපු පුටුව දුන්නා.
"දැන් ඔයාට කොහොමද ජූන්.? දන්නවද මං කොච්චර කලබල වුනාද කියලා. ජිමින් කෝල් කරපු ගමන්ම මං මේ ආවේ."
"මට දැන් හොදයි තාත්තේ."
නම්ජුන් තමන්ගේ තාත්තා දිහා බලලා කිව්වා.
YOU ARE READING
Clematis Garden
Fanfictionකිම් සොක්ජින් සෝල් නැශනල් යුනිවර්සිටි වෙත අලුතින් පැමිණෙන කථිකාචාර්යවරයෙක්. ඒ කථිකාචාර්යවරයාගේ සිත හොරකම් කරන කිම් නම්ජුන් නම් මුරණ්ඩු, දඟකාර තරුණයෙක්. ඔවුන් වටා සිටින මිතුරන්, සහෝදරයින් සමඟ ගෙතන ආදර කතාව. (මේක ශිප් ස්ටෝරි එකක්. ප්ලිස් ශිප් වලට අකමැ...