3rd chapter

582 124 45
                                    

ජින් ලෙක්චර් කෙනෙක් හැටියට නැෂනල් යුනිවර්සිටි එකට ඇවිත් දින, සති ගණන් ගෙවිල ගියා. ඒ කාලය ඇතුලේ නම්ජුන්ගේ අහංකාරකම්, මදාවිකම් ටිකක්වත් අඩු වුනේ නෑ. නම්ජුන් කරපු සමහර දේවල් නම්ජුන් කරේ ජින්ව අවුස්සන්න හිතාගෙනමයි. මොකද ජින්ට තරහ ගියාම මූණත් රතු කරගෙන නම්ජුන්ට බනින විදිහ බලන්න නම්ජුන් ඇබ්බැහි වෙලා හිටියා. එහෙම කරනකොට ජින් හරිම කියුට් කියලා නම්ජුන්ට හිතුනා. ඒ නිසා පුලුවන් හැම විදිහකින්ම ජින්ව අවුස්සන්න නම්ජුන් දෙපාරක් හිතුවේ නෑ.

ඒ වගේම ජිමින්ට තමන්ගේ යාලුවා ගැන පුදුම හිතුනා. ලෙක්චර් එකේදි ජින් කියන කිසිම දෙයක් ගණන් ගන්නෙ නැතුව, ජින්ගෙන් හැම තිස්සෙම බැනුම් අහන තමන්ගේ යාලුවා ලෙක්චර් එකෙන් පස්සේ ජින්ගේ මූණ රතුවෙන විදිහ මතක් කර කර හිනා වෙන එක ගැන ජිමින්ට දැනුනේ අමුත්තක්. මොකද නම්ජුන් මීට කලින් කිසිම දවසක එහෙම හැසිරිලා නැති නිසා.

යුනිවර්සිටි එක්සෑම් හිතාගන්නවත් බැරි තරම් ඉක්මන්ට ලං වුනා.

"නම්ජුනාහ්, මේ උඹ මට ළඟ සෙට් වුනොත් මං දිහා බලහන්. හරිද? උඹ මගේ හොද යාලුවනේ."

ජිමින් ලෙක්චර් හෝල් එකට යන ගමන් හිටිය නම්ජුන්ගේ උරහිසේ එල්ලෙන ගමන් කිව්වා.

"ඇයි උඹ ඊයේ පාඩම් කලේ නැද්ද අහ්??" 

"මට නින්ද ගියා. අනික උඹ දන්නවානේ මං උඹ වගේ බ්‍රයිටක් නෙවෙයි කියලා. ලෙක්චර් කොච්චර බැන්නත් උඹ ඉතින් බැජ් එකේ ඉන්න බ්‍රයිටානේ."

"අහ් හරි හරි. මං ආන්සර් ටික පාස් කරන්නම්."

ජිමින් නම්ජුන් එක්ක එක්සෑම් හෝල් එකට ගියා. ජිමින් තමන්ගේ පුටුවේ ඉදගෙන බැලුවේ නම්ජුන් ඉන්නේ කොතනද කියලා. නම්ජුන් තාමත් තමන්ගේ පුටුව හොයාගන්න බැරිව එක්සෑම් හෝල් එකේ එහා මෙහා ඇවිදිනවා.

"යාහ් නම්ජුනා. මොනාද ඔච්චර හොයන්නේ? රෙජිස්ටර් නම්බර් එකෙ පිළිවෙලටනේ සීට් තියන්නේ?"

ජිමින් නම්ජුන් ළඟට එන ගමන් ඇහුවා.

"මං දන්නවා බං..එත් මගේ සීට් එක නෑනේ. හරිනම් ජන්ග්වොන්ට පිටිපස්සෙන් තමයි මගේ සීට් එක තියෙන්න ඕනි. ඒත් ජන්ග්වොන්ට පිටිපස්සෙන් ඉන්නේ හියුන්ජින්. රෙජිස්ටර් නම්බර් එකේ මට පිටිපස්සෙන් නේ හියුන්ජින් ඉන්නේ. මගේ ශීට් එක නෑනේ."

Clematis Garden Where stories live. Discover now