වේදනාවක්..... ඒ හැම චලනයකම , ඒ හැම ඉරියව්වකම , ඒ හැම පියවරකම , ඒ හැම හුස්මකම පවා තිබ්බේ එක හදවතකට දරා ගන්න බැරි තරම්ම බර වේදනාවක්. ඒ දරාගන්න බැරි වේදනාවෙන් එයාව ගලවගන්න කියලා බැගෑපත්වෙන ඇස් දිහා මට තවත් බලන් ඉන්න පුළුවන්කමක් තිබ්බේ නෑ....
" ඔය ඇති කිම් ටේහියුන්ග්... "
" මම හොඳින් සර්... "
නෑ.... මම හොඳින් නෙවේ.... මං හොඳින් නෙවේ සර්... මට අඬන්න ඕන. කෑ ගහලා අඬන්න ඕනේ..... මේ වේදනාව මට තවත් දරා ගන්න බෑ සර්..... මගේ ඇස් දෙක දිහා බලන්න....... අනේ බලන්න සර්....... පළවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් මාව බදාගෙන කියන්න...... සර් දන්නවා කියන්න. මං හොඳින් නෙවේ කියලා සර් දන්නවා කියන්න සර්..... එක පාරක් කියන්න සර්...... එක පාරක්.
" මගේ අවසාන ඉල්ලීම දෙවියෝ ඉෂ්ට කළා ජන්කුක්. ඔය ඇස් ඇතුලේ අතරමං වෙලා මගේ ඇස් පියා ගන්න එක තරම් මට සැනසීමක් තියනවා කියලා ඔයා හිතනවද? ඔයාගේ මේ උකුලෙන් මේ විදිහට මගේ ඔලුව තියාගෙන , හැමදාමත් මාව අත් නොහැරපු මේ අත මෙන්න මේ විදිහට තදින් අල්ලගෙන , අපේ ආදරේ පිරුණු හැම මතකයක්ම ආයේ ආයෙත් මතක් කරන ගමන් ඔය ඇස් ඇතුලෙන් මගේම ඇස් දිහා බලාගෙන ඇස් දෙක පියාගන්න ආදරේ පිරුණ සමුගැනීමක් තරම් සැනසීමක් තවත් කොහෙද ජන්කුක්. "
" හැම දේකටම පස්සේ මං දෙයක් තේරුම් ගත්තා............. ඉර බැහැලා ගියායින් පස්සේ පැහැදිලි අහසින් වැටෙන වැස්ස තමා ලස්සනම. "
" My Serein "
..........................................................................................................................................
ඔන්න මං අලුත්ම Taekook FF එකේ Intro එක අරන් ආවා.
කලින් එක වගේ අයින් කරන්නේ නෑ. කොහොම හරි ලියනවා.
ඔයාලට හිතුන දේවල් කියාගෙන යන්න......
ඉක්මනට chapter 1 එක්ක හම්බවෙමු.
O_Monzu
YOU ARE READING
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?