" ඉතිං ඔම්මායි අප්පායි නැති උනායින් පස්සේ මං හැමදාම හවසට ඒ කැෆේ එකේ වැඩ කරනවා. ඒක නම් ටිකක් අමාරුයි තමයි. "
ටේහියුන්ග් ජිමින්ගේ මූණ දිහා බැලුවා. ඒ තරම් අමාරු ජීවිත කතාවක් කියද්දි මෙච්චර ලස්සන හිනාවක් මූණේ තියාගන්නෙ කොහොමද කියලා ටේහියුන්ග් කල්පනා කළා.
සතියක් ඇතුළත ජිමින් ටේහියුන්ග්ගේ හොඳම යාළුවා වෙලා. ඒත් ටේහියුන්ග් තාමත් කතා කරන්නේ වචන කිහිපයක් විතරයි.
" යුන්ගි හියොන්ග් නිසා තමයි මං මෙහෙමවත් හිනා වෙන්නේ. දුර ඉඳන් බලන් හිටියත් මට ඒ මූණ දැක්කාම ඇත්තටම ගොඩක් සතුටුයි ටේ. කවදාවත් නොලැබෙන බව දැනගෙන ආදරේ කරන එක ලේසි නෑ. ඒත් මං දැන් එයාට ඇබ්බැහි වෙලා. ඔයා එයාට කියන්න එහෙම එපා හරිද? කිව්වත් මොනවා කරන්නද? එයා මට හිනාවෙයි. සෝල්වල පෝසත්ම පවුලේ වැඩිමලා....හහ්.... එච්චර පෝසත් කොල්ලෙක්ට ආදරේ කරන්න මට පිස්සු කියලත් හිතෙනවා. "
" ආදරේ කියන්නේ පිස්සුවක් නෙවේ. "
ටේහියුන්ග් ආයෙමත් ජිමින්ව පුදුම කරමින් කියපු දේ නිසා මුලින් ජිමින් ගැස්සුණත් ඊට පස්සේ ජිමින්ගේ මූණේ ඇඳුනේ සෙල්ලක්කාර හිනාවක්.
" ඔහ්..හෝ... ආදරේ ගැන මෙයා දන්න දේවල්. කියන්නකෝ.... ඔයාගේ ආදර කතාව මට කියන්නකෝ ටේ..... "
ටේහියුන්ග්ගේ අතේ එල්ලිලා දඟලන ජිමින් දිහා ටේහියුන්ග් බැලුවේ නැති තරම්. ඒ කතාව විශ්වාස කරයිද? අනික ඒ කතාව කියන්න තරම් ජිමින් විශ්වාසවන්ත කෙනෙක්ද? ටේහියුන්ග් තමන්ගේ කතාව ජිමින්ට කියනවද නැද්ද කියලා ගොඩක් වෙලා කල්පනා කළා.
ටේහියුන්ග්ට තමන්ගේ හිතේ තියන හැම දේම කියන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක් විදිහට ජිමින්ව පෙනුන නිසා අන්තිමට තමන්ගේ කතාව ජිමින්ට කියන්න ටේහියුන්ග් තීරණය කළා.
" මට ඔයාව විශ්වාසයි. ඔයා මාව විශ්වාස කරයිද ජිමින්? "
" මං ඔයාව විශ්වාස කරනවා ටේ... අනිවාරෙන් විශ්වාස කරනවා. මං ඔයාට මගේ කතාව කිව්වනේ. ඉතිං මටත් ඔයාගේ කතාව කියන්න. "
ජිමින්ගේ විශ්වාසවන්ත ඇස් ටේහියුන්ග්ට තමන්ගේ කතාව ජිමින් ඉදිරියේ කියන්න ශක්තියක් අරන් ආවා.

YOU ARE READING
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?