Chapter 20

266 77 39
                                    

" ටේ.... "

ජිමින් බිම වාඩිවෙලා දණිස් අතර ඔලුව ඔබාගෙන අඬන ටේහියුන්ග් ළඟට ගිහින් ටේහියුන්ග්ගේ කෙස් අතරින් සීරුවෙන් ජිමින්ගේ ඇඟිලි අරන් ගියා. ජිමින්ගේ ආදරණීය ස්පර්ශයත් එක්ක ටේහියුන්ග් එයාගේ ඔලුව උස්සලා ජිමින් දිහා බැලුවා.

" ඇයි ජිමින් ඇයි? ඇයි සර් හැමදාම මටම මෙහෙම කරන්නේ? "

" මං කිව්වනේ ටේ... සර් මේ දවස්වල දුකෙන් ඉන්නේ. "

" ඉතින් ඒකට මාත් හේතුවක්ද? "

" කී සැරයක්ද කියන්නද ළමයෝ? ඔයා ඒකට හේතුවක් නෙවේ... "

" ඇයි එහෙනම් සර් මට බනින්නේ? මට විතරක්? "

මේ දවස් තුන හතර පුරාම ටේහියුන්ග් ජිමින්ගෙන් අහන මේ ප්‍රශ්නවලට ජිමින්ට උත්තර හොයා ගන්න ලේසි වුණේ නැහැ.






එදා හන් ගඟ ළඟ පැය ගානක් යුන්ගි එක්ක ගත කරපු ජිමින් යුන්ගි එක්කම එයා වැඩ කරන කැෆේ එකට ගියත් ජිමින් රැයක් එළි වෙනකම් කැෆේ එකට ආවේ නැති නිසා ජිමින්ව කැෆේ එකෙන් අයින් කරලා තිබ්බා. ඒ සැනින් යුන්ගි ජිමින්ව එක්කන් ඇවිත් යුන්ගිගේ සුඛෝපභෝගී නවාතැනක ජිමින්ට නවාතැන් පහසුකම් සලස්වලා දුන්නේ ජිමින්ගේ ප්‍රතික්ෂේප කිරීම් ගණනකටවත් නොගෙන.

" තමුසෙට කොහොමත් නිකන් මෙතන ඉන්න දෙන් නෑ. කැම්පස් ඉවර වෙලා හවස මගේ ලැබ් එකට ඇවිත් වැඩ කරනවා. තේරුණාද? "

එහෙම කියලා යුන්ගි පිටවෙලා ගියේ ජිමින්ට ඒ ගැන හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර. ඒ වගේම ටේහියුන්ග්ගේ පරීක්ෂණ කටයුතු ඉවරයි කියලා දැනගත්තොත් ටේහියුන්ග්ට ආයෙමත් සමාජ ශාලාවට යන්න වෙයිද කියන බය නිසා නම්ජුන් ටේහියුන්ග්වත් ජිමින් එක්ක නතර කරන්න තීරණය කළේ යුන්ගිගේ අනුදැනුම ඇතිව.     





" ජිමින්, ඇයි මට හිතෙන්නේ ඔයාලා මගෙන් මොනවා හරි හංඟනවා කියලා ? "

My Serein ( Completed )Where stories live. Discover now