" තව එක දෙයක් තියනවා කුකී.... "
" මට තව මොකුත් අහන්න ඕන නෑ හියොන්ග්. "
" නෑ ඔයා මේක දැන ගන්නම ඕන. "
ලොකු හුස්මක් පිට කරපු ජන්කුක් තමන්ගේ ගමන නවත්තලා යුන්ගි දිහාව හැරුණා.
" අපිට තියෙන්නේ තව එක දවසක් විතරයි. "
තවත් ප්‍රශ්නයක් ! ප්‍රශ්නයක් විසඳගන්න හිතාගෙන මේ විද්‍යාගාරයට ආව ජන්කුක් තවත් තවත් ප්‍රශ්නවලට පැටලෙද්දි ඒ ප්‍රශ්නවලට උත්තර හොයන එක ජන්කුක් අතරලා දාලා තිඋණත් යුන්ගි කියපු දේ පැහැදිලිව දැන ගන්න ජන්කුක්ට ඕන උනා.
" ඒ කිව්වේ මොකක්ද? "
ලොකු සුසුමක් පහළ හෙලපු සොක්ජින් සන්සුන්ව තමන්ගේ කතාව පටන් ගත්තා.
" කුකී.... ටේහියුන්ග්ට ඒ ආත්මේ ආයුෂ දැනටමත් ඉවර වෙලා. කෙටියෙන්ම කිව්වොත් එයා අතීතේ හිටියා නම් මේ වෙද්දි මැරිලා. මෙහෙ තියන ලැබ් කන්ඩිෂන්ස් එක්ක එයා ටික දවසක් හිටියා උනත් එයා දැන් ගොඩක් දුර්වලයි. මං හිතන් නෑ තවත් පැය විසි හතරකට වඩා...... "
" නෑ...... "
ජන්කුක්ට තවත් මේ දේවල් අහන් ඉන්න වුවමනවක් තිබ්බේ නෑ. තමන්ගේ මුළු ලෝකෙම තමන් ඉස්සරහා කඩාගෙන වැටෙනවා වගේ දැනෙද්දි ජන්කුක්ගේ හිත පිරිලා තිබ්බ තෝර ගන්න බැරි හැඟීම් ගොඩක තේරුම ජන්කුක්ට දැනෙන්න ගත්තා. ' ටේහියුන්ග් ' ඒ තමා ජන්කුක්ගේ ආදරේ. පළවෙනි ආදරේ. පුංචි කාලයක් ඇතුළත ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ගෙනාව , ජීවිතේට අරමුණක් ගෙනාව , හිස් වෙලා තිබ්බ ජීවිතය සම්පූර්ණ කරපු ඒ ආදරය මේ විදිහට අත් හරින්නේ කොහොමද කියන එක ජන්කුක්ට හිතා ගන්න බැරි වුණා. කාට ටේහියුන්ග්ව මේ විදිහට අත් ඇරලා දාන්න පුළුවන් උනත් තමන්ට ඒ දේ කරන්න බෑ කියලා ජන්කුක්ට තේරෙද්දි ටේහියුන්ග් හොයාගෙන ජන්කුක් දුවන්න පටන් ගත්තේ තමන්ගේ පිටිපස්සෙන් ඇහෙන හියොන්ග්ලාගේ කටහඬවල් එකක්වත් ගනන් නොගෙන.
" ජන්කුක්... ඔහොම නවතිනවා... "
යුන්ගි කොච්චර හයියෙන් කෑ ගැහුවත් ජන්කුක්ට ආයෙත් හැරෙන්න තරම් වුවමනාවක් නැති බව හැම කෙනෙක්ටම හොඳින්ම තේරුම් ගිහින් තිබුණා.
YOU ARE READING
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?