හලෝ මගේ ඉබි පැටව්නේ.......,
( හුඟක් ඕතර්ස්ලා එයාලගේ රීඩර්ස්ලාට නම් දාලා තියන නිසා මාත් ඔයාලට නමක් දැම්මා. ඉබි ඕතර්ගේ ඉබි පැටව්.... හී........ ඔයාලා අකමැති නම් කියන්න හොඳේ.... )
ඔන්න අද ' My Serein ' කතාව ඉවර කළා.
මිනිස්සුන්ට ජීවිතේදි සමහර තැන්වලදි සමහර විට දෙවෙනි අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. ඒත් මිනිස්සු ඒ දෙවෙනි අවස්ථාව ලබා ගන්න බයයි. මොකද එයාගේ පළවෙනි අවස්ථාව එයාව ඒ වෙද්දිත් ගොඩක් මානසිකව වට්ටලා තියන නිසා. ඒත් කවුද දන්නේ ඒ දෙවෙනි අවස්ථාව ඒ වැටුණු තැනින් නැගිටින්න ලැබෙන අත්වැලක්ද කියලා.
මේක ඒ වගේ කතාවක්.
ගොඩාක් දේවල් කියලා ඔයාලගේ හිතේ මැවුන දේවල් විනාස කරන්න මට අයිතියක් නෑ. ඒක නිසා ඔයාලම හිතලා බලන්නකෝ......
මේක මං හරි ආසාවෙන් ලිව්වේ. ලියන්න කලින් වගේම ලියන අතරෙත් සෑහෙන විස්තර හොය හොයා තමා මං මේ කතාව ලිව්වේ. කොටින්ම කතාවේ නම පවා දැම්මේ හේතුවක් ඇතිව. මේකෙ ලොකූ 18+ කොටස් තිබ්බේ නෑ. අන්තිම chapter එකේ තමයි එහෙම කොටසක් ලිව්වේ.
මුලින්ම මං ස්තූති කරන්න ඕන GUCCI_bear03 . මෙයා තමා මට wattpad හඳුන්වා දුන්නේ. ඊට පස්සේ . මෙයා තමා මට fanfiction එකක් ලියන්න කියලා මුලින්ම කිව්වේ. මගේ පළවෙනි ff එක වගේම මේකත් ලිව්වේ මේ දෙන්නා නිසා තමයි. ආදරෙයි ගොඩාරියක්..........
ඊට පස්සේ මගේ මේ කතාව එක්ක අක්කලා , නංගිලා , මගේ වයසේ යාළුවෝ ගොඩාක් එකතු වුණා. ( නම් වශයෙන් කියන්න ගියොත් එක්කෙනෙක් හරි මඟ ඇරෙයි කියලා බය නිසා නම් කියන්නේ නැතුව ඉන්නම් හොඳේ.....) ඒ වගේම මං account එක මාරු කළායින් පස්සෙත් ඔයාලා මාව අත් අරින්නේ නැතුව මාව හොයාගෙන ආවා. ඒ හැමෝටම ගොඩාරියක් ආදරෙයි. ගොඩාක් ස්තූතියි.
මේ කතාව කියවපු , වෝට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි.
comment කරපු හැමෝටම ගොඩාක් ආදරෙයි. හැමදේම එපා වෙලා ඉන්න වෙලාවට ඔයාලගෙන් ලැබෙන ඒ comment එක මහමෙරක්. ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි. ගොඩාක් ආදරෙයි ඒ හැමෝටම.
මේක publish කරපු දවසේ ඉඳන් අවුරුදු ගානකට පස්සේ කියවන කෙනෙක් උනත් හැම කෙනෙක්ම කතාව ඔයාලට දැනුන විදිහ කියාගෙන යන්න. silent readersලා අන්තිම වෙලාවේ හරි මොනා හරි කියලා යන්න. මං ආසයි දැන ගන්න.
එහෙනම් ' My Serein ' අදින් ඉවරයි. මේකේ සංකේත , කවිවල තේරුම් අරන් එන්නම් ඉක්මනින්.
Bye.....
බුදුසරණයි.....
පරිස්සමින් ඉන්න....
ආදරෙයි ගොඩාරියක්..........
( ඉබ්බි )
O_Monzu
YOU ARE READING
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?