Chapter 9

272 84 8
                                    

" ටේහියුන්ග්.... "

ජන්කුක්ට ඒ ගැඹුරු ඇස් ඇතුළේ පැටැලැවුණු හැඟීම් ගොඩක එකතුවක් පේන්න ගත්තා. පුදුමය , බලාපොරොත්තුව , බය , ආරක්ෂාව , දුක , සතුට , කලකිරීම , තෘප්තිය , වෛරය , ආදරය.... ඔව්..... හැම හැඟීමක්ම පරාද කරගෙන අන්තිමට ඒ ඇස්වලින් ආදරය පිටාර ගලන්න ගත්තා. ඒත් ජන්කුක්ගේ මුළු ශරීරය පුරාම දිව්වේ පුදුමය විතරයි.

' ටේහියුන්ග්.... ටේහියුන්ග්.... ටේහියුන්ග්.... ටේහියුන්ග්.... '

ජන්කුක්ගේ හද ගැස්ම පවා ටේහියුන්ග්ගේ නමින් ගැහෙන්න ගනිද්දි ජන්කුක් මායාවක් අතර අතරමං වෙන තමන්ටම හිනා වෙන්න ගත්තා.

" හහ්...හහ්...හා.... මට දැන් එක එක විකාර මැවිලත් පේනවා.... එහෙම නේද ජිමින්? "

ජන්කුක් තමන්ට පෙනෙන මායාවෙන් ඇස් අහකට නොගෙනම අහපු ප්‍රශ්නෙට ජිමින්ගෙන් පිළිතුරක් නොලැබීම ගැන ජන්කුක්ට හිතන්න වෙලාවක් තිබ්බේ නෑ.

" ජන්කුක්... "

තවත් සැරයක් ජන්කුක්ගේ නම කියපු ඒ මායාව පියවරෙන් පියවර ජන්කුක්ට ළං වෙද්දි ජන්කුක් තමන්ගේ ඇස් මොහොතකටවත් ඒ මායාවෙන් මුදව ගන්න බැරුව ඒ මායාවටම වශී වුණා.

" කුකී..... ඔයා මොක.... ඔහ්.... "

" ඒයි.... තමුසේ...? නැගිටිනවා..... ඒයි.........කුකී.... උදව් කරන්න.... වතුර එකක් ගේන්න... ඉක්මනට.... කුකී.... "

භූගත පරීක්ෂණාගාරෙම වෙනත් කොටසක හිටපු යුන්ගිට ප්‍රධාන පරීක්ෂණාගාරේ පැත්තෙන් ආව සද්දේ නිසා ඒ දිහාවට ආවේ සොක්ජින්ව බලාපොරොත්තුවෙන් උනත් එතන හිටපු ජිමින් , ජන්කුක් වගේම ජන්කුක් ඉස්සරහා ඉන්න ටේහියුන්ග් යුන්ගිට ගෙනාවේ දරාගන්න බැරි තරම් ලොකු කම්පනයක්.

තවත් බලා නොඉඳ වෙන්න යන විනාසය නවත්තන්න හිතන ගමන් යුන්ගි ඉස්සරහට ආවේ ජන්කුක්ට කතා කරන්න උනත් , ඇතුළුවෙන තැනම හිටගෙන හිටිය ජිමින්ට මේ සිද්ධ වන දේවල් දරාගන්න බැරි නිසා එක පාරටම සිහිය නැතුව ඇදගෙන වැටුණා. බිමට වැටෙන්න කලින් එයාව යුන්ගි අල්ල ගත්තත් ඒ වෙනකම් යුන්ගි ඒ කවුද කියලා අඳුරගෙන තිබ්බේ නෑ. තමන්ගේ අත උඩ ඉන්න පියවුණු ඇස් තියන අහිංසක කොල්ලාගේ නළලෙන් මතු වුණ දාඩිය බිංදු යුන්ගිගේ හදවතේ ඇති කළේ අමුතුම වේදනාවක්.

My Serein ( Completed )Dove le storie prendono vita. Scoprilo ora