...........................................................................................................................
" අලුත් පුරාවිද්‍යාත්මක තරඟෙකට මං තෝරගත්තේ මේ යුගය ගැන පුරාවිද්‍යාත්මක පරීක්ෂණයක් කරන එක. ඔය පරීක්ෂණයට මං කරපු කැනීම්වලදි මට හම්බ වුනා කවදාවත් හොයා ගන්න පුලුවන් වෙයි කියලා හිතපු නැති දෙයක්. ඒක තමයි ' කාල යන්ත්‍රය ' . මායාකාරී යුගයේදී කාල යන්ත්‍ර පාවිච්චි කරපු බවට සාක්ෂි තිබ්බත් කවුරුත් ඒ ගැන වැඩි උනන්දුවක් නොවුනේ මේක මෑත කාලීන ඉතිහාසයට අයිති නොවුන නිසා වෙන්න ඇති. කොහොමහරි ඒක ක්‍රියාත්මක කරන විදිහ ගැන මට ලොකු අවබෝධයක් තිබ්බේ නෑ. ඉතිං මට ඒකට සොක්ජින්ගෙන් උදව් ගන්න සිද්ධ වුණා. "
ටික වෙලාවක් යනකන් ඇති උන නිශ්ශබ්දතාව හැමෝගෙම හිත්වලට අපහසුතාවයක් ගෙනෙද්දි යුන්ගි ආයෙමත් ඒ නිහඬතාවය බින්ඳා.
" කොහොමහරි ජිනාගේ මහන්සියෙන් අපිට පුළුවන් උනා මායාකාරී යුගයට යන්න. "
" ඒ කියන්නේ.... හියොන්ග්...? "
" ඔව්... අපි ටයිම් ට්‍රැවල් කළා. "
ජන්කුක් ටික වෙලාවක් යුන්ගි දිහා බලන් හිටියේ යුන්ගිව විශ්වාස කරනවද? නැද්ද ? කියන සැකෙත් එක්කමයි.
" හියොන්ග්, ඔයා දැන් කියන්න හදන්නේ අර පෙට්ටිය ඇතුළේ ඉන්නෙ අර අතුරුදහන් උන ටේහියුන්ග් කියලා නම් ඇත්තමයි හියොන්ග් මං ඔයාට ගහනවා මේ පුටුවෙන් ඔය පිස්සුව සනීප වෙනකම්ම. "
ජන්කුක් තමන් වාඩි වෙලා හිටිය පුටුවත් උස්සගෙනම යුන්ගි දිහාවට ආවා.
" නෑ කුකී..... ඒ එයා නෙවේ.... "
යුන්ගිගේ වචනත් එක්ක ජන්කුක් සැනසුම් සුසුමක් හෙලමින්ම උස්සගෙන හිටිය පුටුව ආයෙමත් බිමින් තිබ්බේ යුන්ගිගේ මානසික මට්ටම තාමත් තමන් හිතපු තරම් විකෘති වෙලා නැති එක ගැන දෙවියන්ට ස්තූතිවන්ත වෙමින්.
" ඒ අනිත් කෙනා "
" ආ? "
" ඒ අනිත් කෙනා කුකී.... "
ජන්කුක්ගේ කකුල් දෙක පණ නැතිව යන විදිහ ජන්කුක්ට දැනෙන්න ගත්තා. මේ දේවල් විශ්වාස කරන්න තරම් ජන්කුක්ට තමන්ගේ හිත හදාගන්න ගොඩක් අමාරු වුණා.
YOU ARE READING
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?