" හොඳයි කිම් ටේහියුන්ග්. මං හිතන්නේ අපි මුල ඉඳන් පටන් ගත්තොත් හොඳයි. එහෙම නේද? "
ජන්කුක්ගෙන් තමන්ට යොමු උනේ ප්රශ්නයක්ද නැත්නම් අණක්ද කියන තෝරගන්න උත්සාහ නොකරම ටේහියුන්ග් ජන්කුක්ගේ පැහැදිලි ඇස් ඇතුලේ හැංගුනු ආත්මය හොයන්න පටන් ගත්තේ ඒ ඇස් ඇතුළේ තමන් වෙනුවෙන් ලියවුන කියවන්න බැරි හැඟීමක සුවඳ ටේහියුන්ග්ගේ නහය හරහා ගිහිං එයාගේ හදවතේ ගැස්ම ටිකෙන් ටික වැඩි කරද්දි.
" ටේහියුන්ග් "
" අහ්.. සර්? "
ඒ ගැඹුරු කටහඬින් තමන් අතරමං වෙන්න ගිය ජන්කුක්ගේ ආත්මයෙන් මිදුන ටේහියුන්ග්ගේ ඇස් නොසන්සුන්කමින් එහෙ මෙහෙ දුවන්න ගත්තේ නුහුරු පරිසරයකට හුරුවෙන්න දරන උත්සාහයක ප්රථිපලයක් විදිහටද නැත්නම් හදවතට දැනෙන නුහුරු හැඟීමක හුරු පුරුදු බව නිසාද කියලා ටේහියුන්ග්ටම තෝර ගන්න අමාරු උනා.
" මං හිතන්නේ ඩාන්සර් කෙනෙක් විදිහට ඔයාට අවබෝධයක් තියනවා මුල ඉඳන් කියන්නේ කොතනද කියන එක. "
ටේහියුන්ග්ට තේරුණා ජන්කුක් අදහස් කරන්නේ මොකක් ගැනද කියන එක. ජන්කුක් තමන්ගෙන් උත්තරයක් බලාපොරොත්තු නොවෙන බව ජන්කුක්ගේ ඇස්වලින් කියවපු ටේහියුන්ග් තවත් එතන රැදෙන්න වෙලාවක් නොගෙනම පිටිපස්සෙම පේළියෙන් ගිහින් හිට ගත්තා.
" හොඳයි එහෙනම්. මුලින්ම මං කැමතියි ඔයාලා එක එක්කෙනාගේ ටැලන්ට්ස් වෙන වෙනම අඳුර ගන්න. ඔයාලා කලින් ප්රැක්ටිස් කරපු ට්රැක්ස් කීපයක් හොබී හියොන්ග් මට දීලා තියනවා. එක එක්කෙනා ඉස්සරහාට ඇවිත් තමන්ගේ නම කියලා මං දෙන ට්රැක් එකට අනුව ඔයාලගේ පර්ෆෝමන්ස් එක ඉදිරිපත් කරන්න.ඕකේ ? මුලින්ම ෆස්ට් රෝ රයිට් කෝනර්.... "
පැය එක හමාරක් විතර ජන්කුක් හැම ළමයෙක්ගෙම නර්ථන හැකියාවන් බැලුවා. ඒත් අවසානය වෙනකම්ම එයා දෙන්නෙක්ව මග ඇරියා. එක්කෙනෙක් පාර්ක් ජිමින්. ඒ ජිමින් පරක්කු වෙලා ආව එකට දඬුවමක් විදිහට. අනිත් කෙනා කිම් ටේහියුන්ග්. ඒත් ජන්කුක් ටේහියුන්ග්ව මග අරින්න හේතුව ජන්කුක්වත් දැනගෙන හිටියේ නෑ. උදේ සිද්ධියෙන් පස්සෙ සමාව නොගත්ත නිසා දඬුවමක් විදිහටද? නැත්නම් එයා අලුතින් ආව කෙනෙක් නිසාද? නැත්නම් එයාව අපහසුතාවයට පත් කරලා ලබන සතුට නිසාද? එහෙමත් නැත්නම් ටේහියුන්ග්ගේ නර්ථනය දකින්න ඕන තමන් විතරයි කියන ලෝභ ආත්මාර්ථකාමී හැඟීමක ජන්කුක්ගේ හිත නොදැනිම පැටලිලා තිබ්බ නිසාද?

YOU ARE READING
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?