Chapter 23

300 81 92
                                    

" කවුද චන්ග් ? "

" හියොන්ග්.... හියොන්ග් ඒ.... "

" ආයිෂ්..... ගොත ගහන් නැතුව ඉක්මනට කියනවා ජිමින්. මගේ යකා අවුස්ස ගන්න එපා. කවුද චන්ග් ? "

මම ජිමින්ගේ නවාතැනට යනකොටත් ටේහියුන්ග් නවාතැනේ හිටියේ නැහැ. 

මම හවස අරන් ගිය බෑග් එක සාලේ මේසෙ උඩ එහෙම්මම දිග ඇරලා දාලා තිබුණා. ඒක ඇතුළේ තිබ්බ දේ ඒකෙම තියනවද නැද්ද කියලා බලන්න තරම් පියවි සිහියක් මට තිබ්බේ නෑ.

" එයා ඇත්තටම කවුද කියන්න මං දන්නෙ නෑ හියොන්ග්. ඒත්... "

" ඒත් මොකක්ද? "

" එයා නිතරම ටේහියුන්ග් පස්සෙන් ආවා. ටේහියුන්ග්ගේ ෆෝන් එකට කෝල් කළා. "

" දැන්ද මනුස්සයෝ මේවා කියන්නේ? "

මට මගේ තරහා පාලනය කර ගන්න අපහසු වෙන බව මටම තේරෙන්න ගත්තා. 

' එයා කොහොමද මගෙන් මේ තරම් දෙයක් හංඟන්නේ? "

" ටේහියුන්ග් පස්සෙන් කොල්ලො කෙල්ලො ඕන තරම් එනවා හියොන්ග්. එයාගේ නම්බර් එක හොයා ගත්ත අයගෙන් ඕන තරම් කෝල්ස් එනවා. ටේහියුන්ග් කොහොමහරි ඒ අයව මඟ අරිනවා. ඒත් චන්ග්ව එයා මඟ ඇරියේ නෑ. "

" ඇයි ඒ මනුස්සයාව මඟ ඇරියේ නැත්තේ? "

" ඒ මනුස්සයා ටේහියුන්ග් ආදරය කරන කෙනාට කරදර කරනවා කියලා තර්ජනය කළා. "

" ආදරය කරන කෙනා? "

මගේ පපුව ඇතුළෙන් දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක් ආවා. 

' එයා ආදරය කරන කෙනෙක් ඉන්නවද? කවුද ඒ? ඇයි ඒ දේ මගේ හිතට මෙච්චර වේදනාවක් ගේන්නේ? '

" ඇයි මට දෙන්නගෙන් එක්කෙනෙක්වත් මෙහෙම දෙයක් නොකිව්වේ...ආ...? "

" හියොන්ග් කවදාවත් ටේහියුන්ග් ගැන ඇහුවේ නෑනේ... "

' ඇත්ත... මං කවදාවත් ටේහියුන්ග් ගැන අහලා නැහැ. එයා හොඳින්ද? එයාට මොනවද ඕනෙ? එයාට මොකක් හරි ප්‍රශ්නයක් තියනවද? මේ අවුරුදු දෙකකටත් වැඩි කාලය පුරාම මං එයා ගැන වචනෙකින්වත් හොයලා බලලා තිබ්බේ නෑ. හැම අවුරුද්දෙම උපන්දිනේට එයාට ගෙනියන තෑග්ග පවා මං තියන්නේ ජිමින් අතින්. එදාටවත් මං ඒ මූණ දිහා බලලා වචනයක්වත් කතා කරන්නෙ නෑ. මේ හැමදේකටම වැරදි මම නේද? '

My Serein ( Completed )Where stories live. Discover now