" ටේ.... ටේ.... ඔයාට අවුලක් නෑ නේද? "
යුන්ගිලාගෙන් ටේහියුන්ග් ගැන හැමදේම දැනගත්ත ජිමින්ටත් ඉක්මනින් ටේහියුන්ග්ව හම්බ වෙන්න ඕන වුනා. ඉතින් එයා ජන්කුක්ට ඉඩ දීලා ටික වෙලාවකින් එතනට ආවා උනත් ඒ වෙද්දිත් ජන්කුක් ඒ කාමරෙන් ගිහින් තිබ්බේ නෑ. ඉතින් ඒ වෙලාවෙදි ජිමින්ට ජන්කුක් ටේහියුන්ග් එක්ක අන්තිමට කතා කරපු දේවල් ඇහුනා උනත් මොකුත් නොවුන ගානට ජිමින් , ජන්කුක් ටේහියුන්ග් හිටිය කාමරෙන් එළියට යනවත් එක්කම වගේ ඒ කාමරේට දුවගෙන ආවේ දවස් කිහිපයක් උනත් ආදරණීය මිත්‍රත්වයක උණුසුම හොයාගෙන.
ඒත් ඒ වෙද්දිත් ටේහියුන්ග් හිටියේ තමන්ගේ ගල් ගැහුණු හදවතට උණුසුමක් බලාපොරොත්තුවෙන්. සමහර විට ආත්මීය මිත්‍රත්වයන් මේ විදිහට අවශ්‍යම වෙලාවට එකට මුණ ගැහෙනවා ඇති.
" ජිමි...න්.... "
ජිමින් තවත් වචනයක්වත් නොකියා ටේහියුන්ග්ව තමන්ගේ තුරුළට ගත්තේ මේ වෙද්දිත් ටේහියුන්ග් ඉන්නේ කායිකව වගේම මානසිකවත් ගොඩාක් දුර්වල මට්ටමක කියලා තේරුම් ගත්ත නිසා. ජිමින් සීරුවෙන් ටේහියුන්ග්ගේ තද දුඹුරු කෙස් අතරින් තමන්ගේ ඇඟිලි යවන අතර ටේහියුන්ග් තමන්ගේ හදවතේ තිබ්බ වේදනාව කඳුළු විදිහට ඇස් වලින් ගලාගෙන යන්න ඉඩ දීලා බලන් හිටියේ සිහින් ඉකිබිඳුමකින් ඒ කඳුළුවලට කඩාගෙන හැලෙන්න රුකුල් දෙන ගමන්.
" ජි..මින්... "
තමන්ට නිහඬ උණුසුමක් අවශ්‍යම උනු වෙලාවෙදි ඉල්ලන්නත් කලින් ඒ උණුහුම ඒ විදිහටම ලබා දෙන ජිමින්ගේ නිහඬ බව ජිමින්ටම අපහසුවක් වෙන්න ඇති කියලා හිතුන නිසා අන්තිමට ටේහියුන්ග් කතා කරන්න තීරණය කළා.
" ම..ට දුකයි... "
" මං දන්නවා... "
ජිමින් එහෙම කියන ගමන් ටේහියුන්ග්ව තමන්ගේ තුරුලෙන් අයින් කරලා ඇඳේ විට්ටමට හේත්තු කෙරෙව්වා.
" ඔයා ඇත්තටම ජන්කුක් සර්ට එක පාරක්වත් ආදරේ කළේ නැද්ද ටේ...? "
ජිමින්ගේ ඒ ප්‍රශ්නේ ටේහියුන්ග් බලාපොරොත්තු උන බව මූණෙන්ම පෙනුනා. ඒත් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ටේහියුන්ග් ටිකක් වෙලා කල්පනා කළා.
KAMU SEDANG MEMBACA
My Serein ( Completed )
Fiksi PenggemarThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?