" මං ඒක කරන්නම් "
පරීක්ෂණාගාරයේ දොර දිහාවින් ඇහුන ගැඹුරු කටහඬ නිසාවෙන් හැම දෙනාගෙම අවධානය ඒ දිහාවට යොමු වුණා. බෙල්ල තෙක් දික් වුණ ඝන කළු හිස කෙස් මදක් හිස පසුපසට කර ගැටගසා තිබුණත් අකීකරු විදිහට විසිරුණු කෙටි කෙස් ගස් කිහිපයක් දහදිය නිසාවෙන්ම ඉදිරිපස නළල මත ඇලිලා තිබුණා. පිරුණු යටි තොලටම ඇලුණු උඩු තොලත් , සිහින් දිගු නාසයේ නාස් පුඩු අසල ඇතිවන සිහින් ගැස්මත් ඔහුගේ හදවතේ ඇති නොසන්සුන් බව මනාව පෙන්නුම් කළා. ඔහුගේ ඝන කළු දෑස් ස්ථීරභාවයක් පෙන්නුම් කරද්දී බර අඩි තබමින් ශක්තිමත් තරුණයා පරීක්ෂණාගාරයට ඇතුල් වුණා.
" ජන්කුක්..! "
" මං ඒක කරන්නම් හියොන්ග් "
" ඒත්... "
" කිව්වනේ මං කරන්නම් කියලා. මට පෙන්නන්න මොකක්ද බොත්තම කියලා "
යුන්ගි එතනින් එහාට මොකුත්ම කතා නොකළේ ජන්කුක්ට තවත් කිසිම දෙයක් කියන එකෙන් තේරුමක් නැති නිසා. දැන් ජන්කුක්ගේ හිත නොසන්සුන්. කරන්න ඕන මොකක්ද? නොකරන්න ඕන මොකක්ද? තමන් කරන්නේ මොනවද? මේ කිසිම දෙයක් ගැන පැහැදිලි හැඟීමක් දැන් ජන්කුක්ගේ හිතේ නැහැ. කොටින්ම කිව්වොත් එයාගේ හිත ආවේගය කියන මීදුමෙන් වැහිලා තියන වෙලාවක් මේක. ඉතින් එයා දැන් ගන්න මේ තීරණේ නිසා කවදාහරි පසුතැවේවි කියන අය යුන්ගිගේ හිතේ ගැඹුරින්ම තැන්පත් වෙලා තිබුණත් එයාට මේ වෙලාවෙදි ජන්කුක්ට විරුද්ධව වචනයක්වත් කියන්න බැරි බව යුන්ගි දැනගෙන හිටියා.
" මේ බොත්තම ඔබන්න තියෙන්නෙ කුකී... "
හැමෝගෙම මූණු දිහා බලපු සොක්ජින් අන්තිමට ජන්කුක්ට පාලන පුවරුවක් මත තිබ්බ රතු පාට බොත්තම පෙන්නුවා.
ජන්කුක් පියවරෙන් පියවර පාලන පුවරුව ළඟට ළං වෙද්දි වටේ හිටිය හැම කෙනෙක්ම පියවරෙන් පියවර පාලන පුවරුවෙන් අයින් උනේ තව පොඩි වෙලාවකින් එතන පිපිරුමක් වෙන්න තියනවා වගේ හැඟීමක් මූණුවල සටහන් කර ගන්න අතරෙයි.
හැමෝගෙම මූණුවල මොකක්ම හරි හැඟීමක් තිබුණත් ජන්කුක්ගේ මූණ කිසිම හැඟීමක් නැති තරමට හිස් වෙලා තිබුණා. සමහර විට එයා හැඟීම් හංඟනවා වෙන්න ඇති.
YOU ARE READING
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?