Chapter 5

327 91 10
                                    

" ටේහියුන්ග්.... ඊයේ ඔයාට අවුලක් උනේ නෑ නේද ගෙදර ගිහින්. මං නම් හොඳටම බය උනා. මොකක්ද ඇත්තටම ඒ ඔයාට උනේ? ඔයාට කලිනුත් එහෙම වෙලා තියනවාද? අනික අර රත්තරං පාට...."

" උදව් කළාට ස්තූතියි. "

වීවේකය වෙලාවේ ජිමින් ටේහියුන්ග් ළඟින් වාඩි වෙලා කතා කරන්න ගත්තේ කලින් දවසේ සිද්ධ උන දේවල් ගැන හිතේ පිරිලා තිබ්බ ප්‍රශ්න එකක් හරි විසඳගන්න උනත් ටේහියුන්ග්ගෙන් ස්තූතියකට වඩා දෙයක් නම් ජිමින්ට අහන්න ලැබුණේ නෑ. ඒත් ජිමින් දිගටම කතා කළා.

" යුන්ගි හියොන්ග්ව ඔයා ගොඩාක් හොඳට දන්නවා වගේ නේද? අනික ඔයා දැනන් හිටියද අපේ ජන්කුක් සර් එයාගේ මල්ලි කියලා. ඒක නෙවේ.... මොනවා උනත් ජන්කුක් සර් හොඳයි නේද? අද මාව විතරක් නෙවේ ඔයාවත් ඉස්සරහට ගත්තානේ. ඔයා ජන්කුක් සර්වත් ඉස්සර ඉඳන් අඳුරනවද? "

ජිමින්ගේ අන්තිම ප්‍රශ්නෙන් ටේහියුන්ග් ගැස්සිලා ජිමින්ගේ මූණ දිහා බැලුවා. ටේහියුන්ග්ගේ ඇස්වල පිරුණු කඳුළු කියාගන්න බැරි කතාවක සලකුණු කියලා ජිමින්ට තේරුණත් ඒ කතාව මොකක්ද? , ඒ හැඟීම් මොනවද? කියලා තේරුම් ගන්න ඊයේ වගේම ජිමින්ට පුළුවන් කමක් තිබ්බේ නෑ.

" ටේ.... "

ජිමින්ගේ ආමන්ත්‍රණය ඇතුලේ පිරුණු අමුතු ලෙන්ගතුකමක් ටේහියුන්ග්ගේ හිතට දැනෙද්දි හැඟීම් දැනීම් නැති ගානට ටේහියුන්ග් කළේ ආයෙමත් තමන්ගේ සටහන් පොත දිහාවට ඇස් ගෙනියපු එක.

" කමක් නෑ ටේ... ඔයා කවදාහරි මට කියයි. "

තවත් කතා කරලා ටේහියුන්ග්ව අපහසුතාවයට පත් කරන්න තිබ්බ අකමැත්ත නිසාම ජිමින් ටේහියුන්ග් ළඟින් නැගිටලා යන්න ගියේ ජිමින්ගේ හිතේ ටේහියුන්ග් ගැන පිරුණු අනුකම්පාව මිශ්‍ර හැඟීමක් එක්ක. තමන් ළඟින් නැගිටලා යන්න යන මේ කටකාර කොල්ලා දිහා බලන් හිටිය ටේහියුන්ග්ගේ ඇස් අමුතු දීප්තියකින් බැබළෙන්න ගත්තා.

විවේකයෙන් පස්සේ ජන්කුක් ආයෙමත් පුහුණු කිරීම් පටන් ගත්තා. උදේ ඉඳන් ජන්කුක්ගේ ඇස් අතරමං කරන ඒ ගැඹුරු ඇස් දිහා ජන්කුක් ආයෙමත් බැලුවා. කලින් දවසේ දැක්ක වේදනාව පිරුණු ඇස් වෙනුවට හැඟීම් හංඟන ඒ ඇස් ජන්කුක්ගේ හිතේ අමුතු කුතුහලයකින් පිරෙව්වා. ඒ ඇස් ඇතුළේ කිමිදෙමින් ඒ හිත පුරා පිරිලා තියන හැඟීම් අවුස්සන්න තමන්ට අයිතියක් තියන බව ජන්කුක්ගේ හිත කෑ ගහලා කියද්දි ජන්කුක් ආයෙමත් ඒ ඇස් කියවන්න දරපු උත්සාහය අසාර්ථක උත්සාහයක් විතරක් උනා.

My Serein ( Completed )Where stories live. Discover now