" ජන්කුක්... "
ටේහියුන්ග් කුමරු අපේක්ෂාවෙන් කුමර මාලිගා අංගනයේ රැඳී සිටි ජන්කුක් පුංචි දරුවකු ලෙසින් තමා දෙසට දිව එන කුමරුවන් දෙස බලා සිටියේ මවා ගත් රළු පෙනුමක් ද සහිතවයි.
" ප්‍රමාදයි... "
" මදක් "
සුරතල් සිනහවකින් සංග්‍රහ කරමින් ජන්කුක්ගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටි කුමරුන් වෙත තවමත් ජන්කුක්ගේ දැඩි බැල්මේ මදකදු වෙනසක් සිදු වුණේ නැහැ.
" ඔබතුමා දන්නවා මා කිසිවෙකුත් බලාපොරොත්තුවෙන් කල් හැරීම අප්‍රිය කරන බව "
" බලා හිඳීමට සැලැස්වීවෙන් වටිනාකමෙහි අගය වැඩි වෙනවලු "
" කුමරුනි ! "
" ඔබ ඔතරම් මා හමුවීම ප්‍රිය කරන බවට මා දැනුවත් කළා නම් මා මදක් කලින් පැමිණෙනවානේ.... "
කෙලිලෝල සිනහවකින් අංගනයම පුරවාලමින් ටේහියුන්ග් කුමරු තම නර්ථන සටන් පුහුණු මණ්ඩපය දෙසට පියමන් කිරීම ආරම්භ කරනු ලැබුවා.
කුමරුගේ වදන් නිසාවෙන් එකිනෙකා කොඳුරමින් සිනහා පහළ කරන කුමරුවන්ගේ ආරක්ෂකයින් වෙත දවා අළු කරවන සුළු බැල්මකින් සංග්‍රහ කළ ජන්කුක් කුමරු පිටුපසින් පුහුණු මණ්ඩපය දෙසට ගමන් කළේ තම මුවගට නැගි මද සිනහව අංගනයේ සිටි සියල්ලන්ගෙන්ම වසන් කරමින්.
මණ්ඩපය කෙළවර වාදනය වන සංගීතය හා රිද්මයකට තම අත් පා හසුරවන ටේහියුන්ග් කුමරු දෙස ජන්කුක් බලා සිටියේ දීප්තිමත්ව දිලිසෙන ඝන නිල් දෑසින්. රෝස මල් පෙත්තක සුමදුව රැඳි පියවුණු ඇස් පිහාටු , පා තබන රිද්මයටම මදක් ගැස්සෙන පිරුණු දෙකොපුල් , උදෑසන සූර්‍ය කිරණ නිසාවෙන් මදක් විඩාපත් වූ රෝස දෙතොල් , දහදියෙන් තෙත්ව ඇති නළලත රැඳුනු අකීකරු කෙහෙරැල්. නිසැකයෙන්ම සුර දූතයන් පරදන සියුම් චලන රටාවන් ටේහියුන්ග් කුමරුගේ දිදුලන සුන්දරත්වයට දේවාභරණයක් බඳු වුණා.
ජන්කුක්ගේ හස්ත සංඥාවකින් නැවතුනු සංගීතය නිසා ටේහියුන්ග් කුමරු තම සමබරතාව ගිලිහෙමින් ඇද වැටෙද්දී ජන්කුක් ක්ෂණයකින් තම දෑත් මත කුමරු රඳවාගත්තා. මොහොතකට ටේහියුන්ග් කුමරුගේ දෑස් ජන්කුක්ගේ දෑස් හා එකිනෙක මුණ ගැහෙද්දී ටේහියුන්ග් කුමරුගේ ආත්මය ගමන් කරන කාලය කෙරෙහි අනායාසයෙන්ම වෛර බැන්ඳේ මේ මොහොත සදාකාලික වීම ප්‍රාර්ථනා කරමින්.
BINABASA MO ANG
My Serein ( Completed )
FanfictionThe sun left me and rained down on my life...... හිරුද මඟ හැරුනු යාමෙක ඔබ විය මගේ දිවියට අකලට ආ මල් වැස්ස.... ' The mysterious legend of the magical era ' Is it possible to love like this?