Chapter 6

305 91 6
                                    


" ඔයා යනවද? "

ටේහියුන්ග්ගේ කටහඬ නිසා ජිමින්ගේ තොල් අග පුංචි හිනාවක් සටහන් උනේ ජිමින්ගේ උත්සාහයකින් තොරවම ටේහියුන්ග් කතා කරපු නිසා.

" ඔව් ටේ... අද මට වෙන වැඩක් තියනවා. "

කලින් දවසේ ජිමින් එද්දි ජන්කුක් ටේහියුන්ග් එක්ක ඉන්න විදිහ දැක්කත් එයාට ආයේ හැරෙන්න වෙලාවක් නැති උනා. ඉතිං කලින් දවසේ ඒ දෙන්නාට නිදහසේ ඉන්න ඉඩ දෙන්න බැරි උනත් අද ඒ දෙන්නාට නිදහසේ ඉන්න ඉඩ දීලා අමතර පුහුණුවීම්වලට නොඉන්න ජිමින් තීරණය කළේ තමන්ගේ ඒක පාර්ශ්වික ආදරය දිහා පුරුදු විදිහටම දුර ඉඳන් තමන්ට බලන් ඉන්න පුළුවන් නිසා. ජිමින්ගේ මූණට පුංචි හිනාවක් ගේන ඒ මූණ තත්පර කිහිපෙකට බලා ගන්න සතුටෙන් වගේම ආයෙමත් ඒ මූණ දකින්න තියන බලාපොරොත්තුවෙන් තමන්ට තවත් ජීවත් වෙන්න පැය විසි හතරකට හේතුවක් හොයා ගන්න ජිමින්ට පුළුවන් උනා. ඒ වගේම ටේහියුන්ග්ට කා එක්කවත් නොකියන බැඳීමක් ජන්කුක් එක්ක තියන බව ජිමින්ට තේරුණේ ' ජන්කුක්ව කලින් ඉඳන්ම අඳුරනවද? ' කියලා ජිමින් අහපු වෙලාවේ ටේහියුන්ග්ගේ ඇස්වල දිලිසුණු කඳුළු ජිමින් හොඳටම දැක්ක නිසා.

ජන්කුක් ආයෙමත් ටේහියුන්ග්ගේ වේදනාව අවුස්සන ඒ සංගීතය වාදනය වෙන්න ඉඩ දීලා බලන් හිටියා. ටේහියුන්ග්ගේ වේදනාව පිරුණු ඇස් ඒ සංගීතය ප්‍රතික්ෂේප කරන ගමන් ජන්කුක්ගේ පැහැදිලි ඇස් දිහා බැලුවා උනත් ජන්කුක් දිගටම ටේහියුන්ග්ව ඒ නර්තනයටම යොමු කරවන දැඩි බැල්මක් මූණේ තියා ගන්න පරිස්සම් උනා. කලින් දවස් දෙකේ වගේම ටේහියුන්ග් තමන්ගේ ආත්මයට තමාව පාලනය කරන්න දීලා ඇස් පියා ගන්න හැටි , ටේහියුන්ග්ගේ මුළු ඇඟම ඒ රිද්මයත් එක්ක චලනය වෙන හැටි ජන්කුක් ඉවසීමෙන් බලා හිටියා. ටිකෙන් ටික ටේහියුන්ග්ගෙන් රිද්මය ගිලිහිලා වේදනාව පිරුණු චලන ටේහියුන්ග්ටම පාලනය කර ගන්න බැරි වෙද්දි ටේහියුන්ග්ගේ ඇඟ වටේට ආයෙමත් රත්තරං පාට රේඛාවක් දිලිසෙන විදිහ ජන්කුක්ට දැක ගන්න පුළුවන් උනා. ඒ රත්තරං පාට ආලෝකය ජන්කුක්ගේ ඔලුව ඇතුළේ ලොකු වේදනාවක් ඇති කරද්දි ඒ වේදනාවත් දරාගෙනම ජන්කුක් ටේහියුන්ග් ළඟට දුවලා ගිහින් ටේහියුන්ග්ගේ පිටිපස්සෙන් ටේහියුන්ග්ව තදින් බදා ගත්තා.

My Serein ( Completed )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin