Chapter 01

825 48 18
                                    


"එල්නඩෝර් රාජ්‍ය" මායාව යතාර්ථයක් වූ එක් රාජධානියක්. කිම් සොන් වූ නම් රජු යටතේ මානුෂවාදී පාලනයකට උරුමකම් කියූ බලවත් ස්වයංපෝෂිත රාජ්‍යක්.
මායාවත්,ඉන්ද්‍රජාලයත් පැවතී, මායාවරුන් සහ සාමාන්‍ය මිනිසුන් සහයෝගයෙන් ජීවත් වූ සාමකාමී  රාජ්‍යක්. සතුට,සාමය රජ කල රාජධානියක්.

සෑම සියලු දෙයටම පැතිකඩ කිහිපයක් තිබේ. මායාව පවා එයට යටත් වේ. කොතරම් ආලෝකමත්  වුවත් සෑම ආලෝකයක් පසුපසම අන්ධකාරය තිබෙන සේම මායාවට ද එය එසේම විය.

"අඳුරු මායාව" සාමකාමී එල්නඩෝර් රාජ්‍යයේ තහනම් වචනය විය. කිම් සොන් වූ රජුගේ පියාණන් වූ කිම් ජන්ග් වූ රජු අඳුරු මායාව භාවිතය නීතිය මඟින් තහනම් කරනු ලැබූවේ සියලු දෙනාගේම යහපත උදෙසා වුවද, අඳුරු මායාවෙන් පෝෂණය වූ, අඳුරු මායාව දිවිහිමියෙන් ඇදහූ, අඳුරු මායාවෙන් ඔවුන්ගෙ දුෂ්ට නපුරු ආත්මාර්ථකාමී අදහස් ඉෂ්ට කරගත් "ෆ්ලැමිනෝර්" වාංශික මායාකරුවන් ඊට තදින්ම  විරුද්ධ විය. එකම රාජ්‍යක් වුවද ඔවුන්ගේ අදහස් හා සිතුවිලි රජුට හාත්පසින්ම වෙනස් විය.
එය අවසන් වූයේ ෆ්ලැමිනෝර්වරුන් රජ පවුලත් එල්නඩෝර් රාජ්‍යත් සමඟ වෛර බැඳගැනීමෙනි. කිම් ජන්ග් වූ රජුගේ අණ පරිදි ෆ්ලැමිනෝර්වරුන් එල්නඩෝර් රාජ්‍යයෙන් පිටුවහල් කර දැමීය. ෆ්ලැමිනෝර්වරුන් රජුගේ  අණ අනුව එල්නඩෝර් රාජ්‍ය අතහැර ගියේ කෙදිනක හෝ එල්නඩෝර් රාජ්‍යයෙන් පලිගන්නා බවට ශපථ කරමිනි.

අතීතාවර්ජනය

"මා, රජු කිම් ජන්ග් වූ. එල්නඩෝර් රාජ්‍යයේ පාලකයා ලෙස මා සතුව ඇති සියලුම බලතල භාවිතයෙන් සියලුම දෙනාගේ යහපත උදෙසා "අඳුරු මායාව" එල්නඩෝර් රාජ්‍යයෙන් තහනම් කරමි. මෙතැන් සිට අඳුරු මායාව භාවිතා කරනු ලබන සියල්ලන්ටම දැඩි දඬුවම් ලබා දෙන අතර මාගේ අණට විරුද්ධ වන සියලු දෙනා රාජ්‍යද්‍රෝහීන් ලෙස සලකනු ලබයි. එමෙන්ම ෆ්ලැමිනෝර්වරුන් මෙම එල්නඩෝර්  රාජ්‍යයේ යහපත උදෙසා මෙම රාජ්‍යයෙන් පිටුවහල් කර දමමි."
කිම් ජන්ග් වූ රජු සිය ප්‍රකාශය රාජ්‍ය සභාවේ ප්‍රකාශයට පත් කිරීමත් සමඟම වටපිටාව අඳුරු වී ගියේ ක්ෂණයකිනි. එක්වරම ආ චණ්ඩ මාරුතයත් සම‍ඟ දූවිලි අංශු වලින් සභාව වටවී ගියේ සියලු දෙනාම මොහොතකට  පාෂාණීභූත කරමිනි. බියත්, පුදුමයත් මිශ්‍ර වූ හැඟීමෙන් රාජ සභාවේ සියලු දෙනා බලාසිටියෙ රජු දෙසය.
ඔහු සන්සුන්‍ ය. ඔහු තුලින් සෑම විටම දකින්නට ලැබෙන සන්සුන් බව තාමත් එලෙසමය. රජු බිඳකුදු සැලුනේ ද නැත. එමෙන්ම ඔහු ඉතාමත් හොඳින් දැන සිටියා මේ සියලුම විපර්යාස වලට හේතුව කවුරුන්ද කියා.

BLUE  AND  GRAY 👑️Where stories live. Discover now