දින කිහිපයක් ගත විය...
සියෝ රජුත්, ගායෙල් රැජිනත් නැවත ලෝරන්ස් රාජ්‍ය වෙත පිටත්ව ගිය අතර සෝහි සහ හිම්සේ එල්නඩෝර් රජ පවුලේ රැකවරණය යටතේ එල්නඩෝරයේ රැඳී සිටියෝය..සෝහිගේත්, ටේහ්යුන්ගේත් විවාහයට තවත් මසක පමණ කාලයක් ඉතිරි වී තිබූ අතර මාලිගයේ සියල්ලෝම පාහේ කාර්යබහුල වූයේ කුමරුගේ ඔටුනු පැලඳවීමේ උත්සවයටත්, විවාහ මංගල්‍යයේ කටයුතුත් සඳහාය..
මේ අතර ටේහ්‍යුන්ග් සහ සෝහි අතර යම් තරමක් දුරට සුහදතාවයක් ගොඩනැගෙමින් පැවතුන අතර එයට සෝ යෝන් රැජිනගේ සහයත් නොමඳව ලැබිණ. සෝහි සහ ටේහ්‍යුන්ග් එකිනෙකා හඳුනා ගත් අතර ඔවුන් දෙදෙනා අතර සමීප මිත්‍රකමක් මේ වන විට ගොඩ නැඟෙමින් තිබිණි..
කෙසේ වෙතත් සෝහි තවමත් ජිමින්ව ඇසුරු කලේ අතේ දුරිනි. ජිමින් පවා සෝහි සමඟ පෙර මෙන් වැඩි කතාබහක් නොවීය.
ඇය දැන් එල්නඩෝරයේ යුවරැජිනයි, තම මිතුරාගේ, තම සමීපතම මිත්‍රයාගේ අනාගත භාර්යාවයි... ඒ නිසා ජිමින් තමා වෙතින් කිසිඳු අත්වැරදීමක් නොවන ලෙසට කටයුතු කල යුතුබව වටහා ගත්තේය...
.....................................................................හිම්සේ නිසොල්මනේ උද්‍යානය පුරා ඇවිද ගියාය.. ඇය හැඳ සිටි ශ්වේත වර්ණ ගවුමේ, කඩා හැලුන දිගු සේලය උද්‍යාන බිමේ හරිත වර්න තණ පලස මතින් ඇඳී ගියේ ඇය ගමන් කරන රිද්මයටමය.
ඇය තුල කිසිඳු කලබලයක් නොවීය. ගිනියම් රත් පැහැයෙන් හිරු බටහිර අහසේ සෙමෙන් සෙමෙන් බැස යමින් තිබුනේ තම රාජකාරිය චන්ද්‍රයාටත්, තාරකාවලටත් භාර දීමට මෙනි..අනෙක් පසින් කුරුලු ප්‍රජාව සිය නිවෙස් කරා නැවත පියඹා යමින් තිබුනේ දවස අවසන් වන බව කියා පාන්නට මෙනි..
මේ නොවැම්බරයයි.. නොවැම්බරයට සුපුරුදු සීතල මිශ්‍ර වූ සුලඟක් හමා ගියේ හිම්සේ ගේ ශරීරයේ හැපී ගෙනය..
හිම්සේ ඇය පැලඳ සිටි කබාය සිය සිරුරටම තර කරගත්තේ හදිසියේම දැනුණ සීතල නිසාය.සියල්ලන්ගෙන්ම ඈත්ව තනිව කල් ගත කිරීමේ චේතනාවෙන් උද්‍යානයට පැමිණි ඇය මෙහි සිටිනා වගක් දැන සිටියේ ඇගේ සේවිකාව මරියා පමණි. සෝහි ඒ වන විට සෝ යෝන් රැජිණගේ කැඳවීමක් නිසා ඇයව මුණ ගැසීමට ගියාය.. සෝහි තමා ගැන ඇසුවොත් පමණක් තමා මෙහි සිටින බව පවසන්නට යැයි කියා හිම්සේ උද්‍යානයට ආවේ තනිවමය..