ලුසිෆර් ගේ පැමිණීමෙන් පසු දින කිහිපයක් ගත විය. සෝ යෝන් දින දෙකක් පමණ සිහිසුන්ව සිටි අතර ඇගේ මේ හදිසි අසනීප භාවය සොන් වූ ව කැලඹීමට පත් කලේය.
කෙසේ වුවත් සෝ යෝන් දින දෙකකට පසුව නැවත පියවී සිහියට පැමිණීම සොන් වූ ට මහත් සහනයක් විය. සෝ යොන් පියවි සිහියට පැමිණියද, ඇය සිටියේ තවමත් දුර්වල තත්වයකය. ඇයව සුව කර ගැනීමට සොන් වූට ග්රැනඩෝර් වංශික මායාකරුවන් සහ ඔවුන්ගේ "ආලෝක මායාවේ"
උපකාරය ලබා ගැනීමට සිදුවිය.ග්රැනඩෝර්වරුන්
ජන්ග් වූ රජුගේ අණත් සමඟ එල්නඩෝර් රාජ්‍යයේ මායාකරුවන් වංශ දෙකකට බෙදී ගියේය. එක් වංශයක් අඳුරු මායාව ඇදහූ ෆ්ලැමිනෝර් වංශය වූ අතර , අනෙක් වංශය ආලෝක මායාව ඇදහූ ග්රැනඩෝර් වංශය විය. අඳුරු මායාවත්, ආලෝක මායාවත් අහසට පොලොව ලෙස එකිනෙක හාත්පසින්ම වෙනස් වූ ඇදහිලි විය.
රජුගේ අණ අනුව ෆ්ලැමිනෝර්වරුන් එල්නඩෝර් රාජ්‍යයෙන් පිටුවහල් කල පසු, එල්නඩෝර් රාජ්‍යයේ ඉතිරි වූයේ ආලෝක මායාකරුවන් වන ග්රැනඩෝර්වරුන් හා සාමාන්‍ය ජනතාව පමණි. ග්රැනඩෝර්වරුන් රාජ්‍ය හිතෛෂී සාමකාමී පිරිසක් විය. ඔවුන් සෑම විටම තම සත්‍ය වසන් කරගෙන ජීවත් වීමට හුරු වූ පිරිසක් විය.
එනම්, එල්නඩෝර් රාජ්‍යයේ කවුරු ග්රැනඩෝර්වරයෙක් ද, කවුරු සාමාන්‍ය අයෙක් ද පැවසීමේ හැකියාව තිබුනේ ග්රැනඩෝර්වරුන්ට පමණමය. ඔවුන් ඔවුන්ගේ උපතින් ලද හැකියාවන් සෑම විටම ලෝකයාගෙන් සඟවාගෙන සාමාන්‍ය ජනතාව ලෙසම සාමාන්‍ය සාමකාමී ජීවිතයක් ගත කලහ.••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
සෝ යෝන් සෙමෙන් සෙමෙන් ප්‍රකෘති තත්වයට පැමිණෙමින් සිටියේ එසෙල්ඩා ගේ රැකවරණය යටතේ ය.
එසෙල්ඩා කිසි ලෙසකවත් සෝ යොන් ගෙන් ඇගේ ඇස් ඉවතට නොගත්තාය. සෑම විටම සෝ යෝන් අසලම රැඳී සිටිමට ඇය වගබලාගත්තාය.දින ගත විය..
දින සති බවට පත් විය.
සති මාස බවට පත් විය..
රාජ සභාව අතර...
"ජන්ග් වොන් සේනාධිපති, එල්නඩෝර් වල ආරක්ෂාව හැකිතරම් තර කල යුතුයි.... ෆ්ලැමිනෝර්වරුන් ගේ ආක්‍රමණ වලට අපි සෑම විටම සූදානමින් සිටිය යුතුයි.. වැටහුනාද ඔබට???"
"එසේය රජතුමනී, එල්නඩෝර් රාජ්‍යයේ සිව් දොරටු වල ආරක්ෂාව දැනටමත් දැඩි කර තිබෙන්නේ රජතුමනි,"
"ඒ වගේම, මේ දිනවල අස්වැන්න ක්‍රමයෙන් අඩු වෙමින් යන හේතුව කුමක්ද දැන ගැනීමට මට අවශ්‍යයි.... යෝ වොල් ඇමති තුමනි???? කුමක්ද හේතුව එයට..??"
"රජතුමනි, අපි ඒ පිලිබඳ සොයා බැලුවා.. අපට පෙනුන ආකාරයට කිසියම් හඳුනා නොගත් දිලීර වර්ගයක් අස්වැන්න විනාශ කරමින් පැතිර යන බවට දක්ෂිණ ප්‍රදේශයෙන් වාර්තා උනා."
"ම්ම්ම්ම්...ඒකත් එහෙමද.?? මං දන්නවා ඕවා කරන්නේ කවුද කියලා" සොන් වූ කල්පනා භරිතව පැවසීය.
ඒ කවුදැයි අමුතුවෙන් කිව යුතු නැත... සභාවේ සිටි සියලු දෙනා රජු මෙන්ම එයට හේතුව කවුරුන්දැයි හොඳින්ම දැන සිටියේය."රජතුමනී, එය දැන් ක්‍රමයෙන් බටහිර ප්‍රදේශයට ද පැතිර යන බව ආරංචි මාර්ග වලින් දැන ගන්නට ලැබුනා.." යෝ වොල් නැවතත් පැවසීය..
"ඒකත් එහෙමද..???.. අස්වැන්න බේරගන්න පුලුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න මං ඔබට අවසර දෙනවා යෝ වොල් ඇමති තුමනි., මේ තත්වය වලක්වා ගැනීමට කල හැකි සියල්ලම අප විසින් කල යුතුයි."
"එසේය රජතුමනී...."
ගත වූයේ මිනිත්තු කිහිපයකි....
"රජතුමනී!!!!!!!!"
රජතුමා ඇතුලු රාජ සභාවේ සිටි සියලු දෙනා හඬ ඇසුනු දෙසට හැරුනේ නිමේශයකිනි. ඔවුන්ට දැක ගත හැකි වූයේ බලාපොරොත්තු නොවූ අයෙකි..
අවසරයක් නැතුවම රාජ සභාවට පැමිණියේ කවුද??
A/N: Hi lolipops🍭 ...ඔයාලට කොහොමද..?? කතාව හොඳයි ද?? ඔයාල මේකට කැමති ඇති කියල මං හිතනවා..💫
රාජ සභාවට ආවේ කවුද..ඔයාලා හිතන්නේ කවුරු වෙන්න ඇතිද????stay tuned for next chap....love youu lolipops🍭 💕