"කුමරියනි, සුභ උදෑසනක් ඔබට" මරියා හිම්සේ ගේ කුටියට පැමිණියේ ඇයට සුභ උදෑසනක් පතමිනි.
හිරු තවමත් ඈත අහසේ පායමින් තිබුනේ හිමිදිරියේ තිබෙන තද නිල් පැහැය කෙමෙන් කෙමෙන් රන්වන් පැහැයට හරවමිනි.
හිම්සේ ඒ වන විටත් සිටියේ අවදි වෙලාය. ඇය නිශ්ශබ්දව සිය කුටියේ සඳලුතලයට වී එලිමහන දෙස බලා සිටියාය."කුමරියනි.??" මරියා නැවතත් හිම්සේට කතා කලේ ඇය කිසි ප්‍රතිචාරයක් නොදැක්වූ නිසාය.
"අහ්හ්??" හිම්සේ ක්ශනයෙන් මරියා වෙතට හැරුණාය. ඇගේ මුහුන කඩදාසියක් මෙන් සුදු පැහැතිය. මුහුණ පුරා තැනින් තැන දා බිඳු මතුවී ඇයට එක් කලේ දුර්වල පෙනුමකි.
"කු-කුමරියනි?? ඔබතුමී හොඳින්ද??" මරියා බිය මිශ්‍රිත පුදුමය දනවන හඬකින් අසා සිටියාය.
හිම්සේ ගේ මුවින් එකඳු වදනක්වත් පිට නොවීය.
ඇගේ මුහුණින් දිස් වූයේ කුමන ආකාරයේ හැඟීමක්ද යන වග මරියාට වැටහුනේ නැත."කුමරියනි,???" මරියා නැවතත් ඇයට කතා කලාය නමුත් සිදු වූයේ නොසිතූ දෙයකි.
හිම්සේ මොහොතක් පමණ සිටි ඉරියව්වෙන්ම මරියා දෙස බලා සිට එකපාර සිහිසුන්ව ඇද වටුනාය.මරියාට සිදු වූ දෙය සිතා ගැනීමටවත් කාලයක් නොවීය. ඇය ක්ශනයෙන් දිව ගොස් හිම්සේව අල්ලා ගත්තේ ඇය බිමට ඇද වැටීම වලක්වා ගනිමිනි.
"කුමරියනි, කුමරියනි..!!!!! ඔබතුමීට මාව ඇහෙනවද.??" මරියා උස් හඬකින් ඇසුවේ හිම්සේගේ කම්මුලට තට්ටු කරමිනි.
නමුත් ඇගෙන් කිසිඳු චලනයක් වත් නොවීය.එකවරම සිදු වූ දෙය නිසා මරියා සිටියේ බියට පත් වෙලාය.
ඇය බොහොම අමාරුවෙන් හිම්සේව වත්තම් කරගෙන ගොස් ඇයව සයනය මත සැතපුවාය.
හිම්සේ ගෙන් තවමත් කිසිදු චලනයක් නොවීමත් සමඟ මරියා තව තවත් බියට පත් වූවාය.මරියා වේගයෙන් ගොස් සයනයේ පසෙක තබා තිබූ ජල බඳුන ගෙන හිම්සේ ගේ මුහුණට දිය ඉසින්නට විය.
ඒත් සමඟම හිම්සේ වෙතින් සිහින් කෙඳිරියක් නැගෙන්නට විය. ඇය බොහොම ආයාසයෙන් ඇගේ දෙනෙත් විවර කරන්නට උත්සහ කලාය.
හිම්සේ කෙරෙන් දිස් වූයේ ඉතාමත් දුර්වල ස්වභාවයකි.