ලෝරන්ස් රාජ්‍යයේ දී ;
"අවසරයි කුමරියනි," කුටියට පැමිණි සේවිකාව පැවසුවේ ආචාර කරමිනි.
"ඔව් ජේන් පවසන්න.." සෝහි පැවසුවේ ඇගේ මුලු අවදානයම ජේන් වෙත යොමු කරමිනි.
"සියො මහරජතුමන් ඔබතුමීව කැඳවූවා."
"ඒ කුමක් සඳහාද..?" සෝහී ඇසුවේ පුදුමයෙනි.
"වැදගත් යමක් ගැන කතා කල යුතු බව එතුමා පැවසුවා කුමරියනි."
"ම්ම්ම් එහෙමද...පියාණන් මා පමණද කැඳවූයේ ජේන්..??"
"එහෙමයි කුමරියනි.."
"හොඳයි මා පැමිණෙන්නම් ජේන්..ඔබට දැන් පිටව යා හැකියි.." සෝහි ඇයට පිටව යාමට අවසර දුන්නේ මඳ සිනාවක්ද සමඟිනි.
"අවසරයි කුමරියනි ," ජේන් නැවතත් ආචාර කල පිටව ගියාය.
"පියාණන් කුමකටද මාව කැඳවූයේ...??" යැයි තමන්ටම පවසාගනිමින් සෝහී සිය සයනයෙන් නැඟී සිටියේ සිය පියාණන් වෙත යාමටයි.
සෝහි මේ දිනවල මාලිගයේ සිටියේ තනිවමය..හිම්සේ සිය දෙමව්පියන් වෙත එනම් චෝයි අදිපාදවරයා සහ එම ආදිපාදවරිය වෙත පිටත්ව ගියේ නැවතත් පැමිණෙන බවට පොරොන්දු වෙමිනි. හිම්සේ නැවත පැමිණෙන තෙක් සෝහිට කල හැකි වූයේ බලාසිරීම පමණකි.
"මහරජතුමනි, සෝහී කුමරිය පැමිණිලා.." ආරක්ෂකයා හඬ නඟා පැවසුවේය.
"ඇයව කැඳවන්න.." සියෝ රජු අවසරය ලබා දීමත් සමඟ ආරක්ෂකයා ද්වාරය විවෘත කලේය.
"පියාණෙනි.." යැයි පවසමින් ගොස් සෝහි සිය පියාණන් ව වැලඳගත්තේ කුඩා දරුවෙකු මෙනි.
"ඔහ්හ් කවුරුන්ද මේ දඟකාර කෙල්ල මාව වැලඳගත්ත..??" යැයි පවසමින් සිනා වෙමින් රජු සිය එකම දියණිය වැලඳගත්තේ ඉතාමත් ආදරයෙනි.
"පියාණෙනි ඔබතුමා ඇයිද හදිසියේම මා කැඳවූයේ..??" සෝහි ඇසුවේ තවමත් පහව නොගිය පුදුමයෙනි..
"මා ඔබව කැඳවූයේ වැදගත් යමක් ගැන සාකච්ඡා කිරීමට සෝහි."
"කුමක්ද පියාණෙනි කාරණය..??"
"ඔබ දන්නවානේ අපගේ මිතුරු එල්නඩෝර් රාජ්‍යය...?" සියෝ රජු ඇසුවේ සෝහි ගෙනි..