Chapter 32

40 11 3
                                    

"අපි මේ වෙද්දිත් අපේ ගමනාන්තයට ලඟා වී අවසන්..." ඉදිරියෙන්ම ගමන් ගත් ආරක්ෂයා පිරිසට දැනුම් දුන්නේය.

එල්නඩෝරය යනු වන සම්පතින් පරිපූර්ණ වූ ස්වයංපෝෂිත රාජ්‍යක් විය. ඔවුන් මේ වන විට සිටියේ එල්නඩෝර රාජ්‍යට දකුණු දිශාවෙන් විහිදී තිබූ මෙන්ඩල් වනාන්තරය මධ්‍යයේය..
මෙන්ඩල් වනාන්තරය අනිත් වනාන්තර වලට වඩා විශේෂ වූයේ එහි සිටින කඟවේනුන් (unicorn) නිසාය. ග්‍රැනඩෝර් වංශික මායාකරුවන් මෙන්ම ෆ්ලැමිනෝර් වංශිකයින් පවා මේ කඟවේනුන් ඉතාමත් උතුම් කොට සැලකීය..
කඟවේනුන් සෑබෑවට සියැසින් දැකීම එතරම් පහසු කාර්‍යයක් නොවීය. ස්වභාවයෙන්ම සැඟවී සිටිමට ඇල්මක් දක්වන මෙම සතුන් සැලකුවේ මායා සතුන් ලෙසය.
සැබෑ ජීවිතයේ සියැසින් කඟවේනෙකු දැකීම වාසනාවේ සංකේතයක් බව එල්නඩෝර් වැසියන් ඉහලින්ම පිලිගත් මතයක් විය..

"සෝහි කුමරියනි, ඔබ දන්නවාද මේ එල්නඩෝරයේ මායා වංශය ආරම්භ වූ ආකාරය..?" ටේහ්‍යුන්ග් ඇසුවේ අසුපිට ගමන් කරන අතරමය.

"නැහැ...මා ඒ ගැන කිසිවක් දන්නේ නෑ.."

" ජනප්‍රවාද වලට අනුව, මේ මායා වංශයන් ආරම්භ වී තිබෙන්නේ එක්තරා මිනිසුන් කණ්ඩායමකින්.." ජන්ග්කුක් පැවසුවේය.

"ඔව්, දුරාතීතයේ එල්නඩෝරයේ රාජධානිය ආරම්භයට පෙර, අපගේ මුතුන් මිත්තන් ජීවත් වූයේ ගෝත්‍රික වැසියන් ලෙස.. ඔවුන්ගේ වාසස්ථාන පිහිටලා තිබුණේ මේ මෙන්ඩල් වනාන්තරය අසලයි." ටේහ්‍යුන්ග් විස්තර කලේය.

"එක් දිනක් එක් පිරිසක් දඩයම වෙනුවෙන් මේ මෙන්ඩල් වනයට පැමිණි විටෙක, ඔවුන් මේ වනාන්තරය ඇතුලේ අතරමං වී තිබෙනවා."

"ඔවුන් ඔවුන්ගේ මාර්ගය සොයා ගෙන නැවත සිය ජනපදය වෙත යන විට උගුලකට හසු වී තුවාල ලබා සිටි කඟවේනෙක් දකින්නට ලැබී තිබෙනව."

"ඉතින් මේ මිනිසුන් පිරිස ඒ කඟවේනාව සුව කරගැනීමට සිතා ඒ සත්වයාව නැවත ඔවුන්ගේ ජනපදය වෙත රැගෙන එහි වෙදදුරුතුමියට මේ සත්වයා භාර දී තිබෙනව.."

"ඒ වෙදදුරුතුමිය සිය ජනපද වාසින් ගේ උදව් උපකාර ඇතුව දින ගනණක වෙහෙසකට පසුව ඒ තුවාල ලබා දුර්වල ව සිටි කඟවේනා සුවපත් කරගන්නට සමත් වී තිබෙනව.."

BLUE  AND  GRAY 👑️Where stories live. Discover now