භෝජන සංග්‍රහය එසේ ආරම්භ විය. නා නා ප්‍රකාර වර්ණයන්ගෙන් වර්ණවත් වත් වී තිබූ උත්සව ශාලාව සංගීතයෙන් පිරී ගොස් තිබුනේ තව තවත් ඒ අවස්තාව කල එලි කරමිනි.
රාජසභාවේ සියලු දෙනා සහ එල්නඩෝරයේ ප්‍රභූවරුන් මේ අවස්තාවට එක් වී සිටියේ සොන් වූ රජුගේ ආරාධනය මතය.
"හ්ම්ම්...මා සිතුවාට වඩා මේ උත්සවය සිත් ගන්න සුලුයි." සෝහී පැවසුවේ හිම්සේ ටය. ඔවුන් දෙදෙනා ඒ වන විට සිටියේ උත්සව ශාලාවේ සක්මන් කරමින් ය.
"මාත් එකඟයි." හිම්සේ පැවසුවාය. ඇගේ කටහඬේ තිබුනේ නම් කලබලකාරී ස්වාභාවයක්.
"හිම්සේ..?? ඔබ කලබලයෙන් වගේ.??" සෝහි දෑස් විසල් කරමින් ඇසුවේ හිම්සේ ගෙනි.
"මං?? කලබලයෙන්?? ඒ කුමක් නිසාද.??" හිම්සේ සෝහිගෙන් ඇසුවේ පුදුමයට පත් ස්වභාවයක් මවා පාමිනි.
"එයම තමා මාත් ඇසුවේ.." සෝහි නැවතත් කීවේ හිම්සේගෙ හැසිරීම සියුම්ව නිරීක්ෂණය කරමින්.
හිම්සේ කෙතරම් පැවසුවත් ඇය සිටියේ තරමක කලබලයකිනි.
ඇයි??? ඒ බව ඇයවත් දැන සිටියේ නැත. ඇගේ හෘද ස්පන්දනය ක්‍රම ක්‍රමයෙන් වේගවත් විය."කුමක්ද සිදු වුනේ හිම්සේ?? ඔබ කුමක් නිසාද මේ බය වෙලා වගේ හැසිරෙන්නේ..?" සෝහි නැවතත් ඇසුවාය...
"එහෙම කිසිව-" හිම්සේ පවසන්නට ගිය දෙය ඇයට පැවසීමට අවස්තාව ලැබුනේ නැත. හදිසියේම ඇගේ අවධානය වෙනතකට හැරුනේ ඈටවත් නොදැනිමය.
"ඔබ දෙදෙනාටම සුභ සන්ධ්‍යාවක් කුමරියනි"
පසු පසින් ඇසුණු හඬ දෙසට සෝහි අවධානය යොමු කලාය. එතැන සිටියේ ටේහ්‍යුන්ග් ය. ඔහු සමඟම ජිමින් සහ ජන්ග්කූක් ද සිටියේය."ඔබලාටත් සුභ සන්ධ්‍යාවක්." සෝහි ආචාර කරමින් පැවසීය. හිම්සේ තවමත් බලා සිටියේ පෙර ලෙසමය.
සෝහි කා හටවත් නොපෙනෙන ලෙස හිම්සේගේ අතට සියුම්ව තට්ටු කලාය. හිම්සේ පියවි සිහියට පැමිණියේ එවිටයි.
"අහ්- සමාවෙන්න.. ඔබලාටත් සුභ සන්ධ්‍යාවක්." හිම්සේ ආචාර කරමින් පැවසුවාය.
"හමුවීම සතුටක් සෝහි කුමරියනි." ටේහ්‍යුන්ග් එසේ පැවසීමත් සමඟ සෝහිට සිනා පහල විය.
සෝහි එක එල්ලේම හිම්සේ දෙස බැලූ අතර ඇයට දැක ගත හැකි වූයේ ඒ වන විටත් සිනා නොවී සිටීමට ඇය මහත් උත්සහයක් දරන ආකාරයයි.