Chapter 05

158 34 10
                                    

"එසෙල්ඩා!!! කුමක් ද කාරණය??"සොන් වූ පුදුමයෙන් මෙන් ඇසුවේ රාජ සභාවට හදිසියේම කඩා වැදුනු වයසක කාන්තාවගෙනි.

එසෙල්ඩා සෙමින් සොන් වූ රජු අසලට ගොස් ඔහුට පමණක් ඇසෙන සේ යමක් පැවසීය. එය ඇසූ රජතුමා සිහසුනෙන් නැගී සිටියේ ක්ෂණයකිනි.

"මා හිතවත් රාජ සභිකයිනි, රාජසභාව අදට අවසන්." සොන් වූ පැවසුවේ එපමණකි. තවත් මොහොතක් වත් පමා නොවී ඔහු සභා ශාලාවෙන් පිටව ගියේය.
ඔහුව අනුගමනය කරමින් එසෙල්ඩා ද, රජු පසුපසින් ගමන් ගත්තාය.....
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

සොන් වූ ලොකූ හුස්මක් රැගෙනම කුටියේ ද්වාරය විවෘත කලේය. ඔහුගේ මුහුණ දීප්තිමත් ව බබලයි. සිනාවකින් මුව සරසාගෙනම ඔහු කුටියට ඇතුළු විය.
ඔහුට දැක ගත හැකි වූයේ සෝ යෝන් දෑස් වසාගෙන නිදා සිටින ආකාරයයි. සොන් වූ වැඩි ශබ්දයක් නොනගාම ඇය අසලට ගියේය.

"සෝ යෝන්," සොන් වූ සිහින් මෘදු හැඬින් ආමන්ත්‍රණය කලේ සෝ යෝන් ගේ හිස පිරිමදිමිනි.
සෝ යෝන් දෑස් විවර කරන විට ඇයට දැකගත හැකි වූයේ ඈ දෙසා ආදරයෙන් බලා සිටින සොන් වූ ය.

"රජතුමනි," සෝ යෝන් සිහින් ව පැවසීය. ඇය කෙරෙන් දිස් වූයේ විඩාවට පත් වූ ස්වභාවයක් වූවද ඇගේ විඩාබර බව පසෙකලා ඇය දීප්තිමත් සිනාවකින් මුව සරසාගෙන රජු දෙස බලා සිටියාය.

"රජතුමනි, මේ ඉන්නේ අපේ පුංචි කුමරුන්" එසෙල්ඩා පැවසුවේ ඇගේ අත වූ අලුත උපන් බිලිඳා දෝතින්ම සොන් වූට භාර කරමිනි.

සොන් වූ ගේ දෑසේ කඳුලු පිරී ගියේ ඔහුටවත් නොදැනීමය. ඔහු මොහොතක් එසෙල්ඩා ගේ දෑතේ සිනිඳු පොරවනය තුල සනීපෙට නිදා සිටින කුඩා බිලිඳා දෙස බලා සිටියේය. ඔහුගේ නෙතේ පිරී තිබූ කඳුලු බිඳුවක් එහි පාලනය ගිලිහී පහලට කඩා හැලුනේය.
ඔහුගේ පුත් කුමරු, ඔව්ව් එල්නඩෝර් වල අනාගතය එසෙල්ඩා ගේ දෑතේ සාමකාමීව නිදා සිටියේ ය.

"ඔහුට රිදේවිද මා ඔහුව තුරුලට ගතහොත් එසෙල්ඩා???.. මං ඔහුව අතට ගතහොත් ඔහු අඬාවිද..??.." සොන් වූ දිගින් දිගටම එසෙල්ඩාගෙන් අසන්නට විය. ඔහුට මේ හැඟීම නුපුරුදු ය. සොන් වූ සිතුවේ ඔහුගෙන් පුංචි බිලිඳා ට බාධාවක් වේ කියාය.

"සොන් වූ.. කලබල වෙන්න එපා.. කුමරුට කිසිම බාධාවක් වෙන්නේ නෑ..ඔහුව ගන්න." සෝ යෝන් සිහින් සිනාවක් අතරින් ම කිව්වේ කලබලයට පත් වී සිටි සොන් වූ දෙස බලමිනි.

සොන් වූ ඔහුගේ ප්‍රවේසමෙන් කුඩා බිලිඳා ව දෝතට ගත්තේ මහත් සෙනෙහසකිනි. කුමරු තවමත් සුව නින්දේය. සියල්ලම අමතක කරමින් සොන් වූ කුමරු දෙස බලා සිටියේ ආදරයෙනි.
සොන් වූ සිහින්ව කුමරුගේ පුංචි අත පිරිමැද්දේ ය. කුමරු තරයේ සොන් වූ ගේ සුලැඟිල්ල අල්ලා ගත්තේය.

සොන් වූ ට දැනුනේ අමුතුම ආකාරයේ හැඟීමකි.එය ආගන්තුක වූවත් ඔහු ඒ හැඟීමට ආදරය කලේය. ඔහු කිසිවක් පැවසුවේ නැත. කුමරු දෙස බලා සිටිමින් කුමක් වූවත් ඔහු දිවි හිමියෙන් ඔහුවත්, සෝ යෝන් වත් ආරක්ෂා කරන බවට සොන් වූ ඔහුටම පොරොන්දු  විය.
තවත් මොහොතක් පමණ කුමරු දෙස බලාසිටි රජු ඔහුව නැවත එසෙල්ඩා ටම භාර දුන්නේය.

එසෙල්ඩා ප්‍රවේසමෙන් කුමරුව සෝ යෝන් ගේ දකුනු පසින් තැබුවාය. ඒ සමඟම ඇය කුටියෙන් පිටව ගියේ මේ පුංචි පවුලට මොහොතක් ලබා දීමේ අටියෙනි.

"ඔබට බොහොම ස්තූතියි සෝ යෝන්, මගේ ජීවිතයේ ලැබුන වටිනාම තෑග්ග ලබා දුන්නාට." සොන් වූ සෝ යෝන් ගේ අනෙක් පසින් අසුන් ගෙන පැවසුවේ ඇගේ හිස පිරිමදිමිනි.

සෝ යෝන් කිසිවක් පැවසුවේ නැත, ඇය පිලිතුරු ලෙස සිනාවක් ලබා දී පුංචි කුමරු දෙස බලා සිටියේය. මාස ගනණාවක් තම කුස තුල රැඳී සිටි ඔහු දැන් ඇගේ දෑස් ඉදිරියේය. උතුරා ගලන මාතෘ සෙනෙහසකින් ඇය කුමරු දෙස බලා සිටියේ නෙතඟ මතු වූ කඳුලු බිඳු අතරිනි.

"ඔහු ඔබ වගේමයි සොන් වූ" සෝ යෝන් රජුට පැවසුවේ සිනාවක් අතරිනි.

"මට විශ්වාසයි ඔහුත් ඔබ වගේම කාරුණික හොඳ පුද්ගලයෙක් වේවි" සෝ යෝන් නැවතත් පැවසුවේ කුමරුගේ හිස සෙමෙන් පිරිමදිමිනි.

සෝ යෝනුත්, සොන් වූත් ඔවුන්ගේ අලුත උපන් බිලිඳා ගැන දහසක් බලාපොරොත්තු පොඳි බැදගෙන බලා සිටියේ සෙනෙහසිනි.
නමුත්,
ඔවුන් දැන සිටියේ නෑ, ඔහුගේ අනාගතය රැඳී තිබුනේ එක් පුද්ගලයෙක් මත කියා....

කවුරුන්ද ඒ පුද්ගලයා...???










A/N : Hi lolipops🍭, ඔන්න ඊලඟ chap එකත් දුන්නා.. ටිකක් බලාගෙන ඉන්න උනාට sorry..මේ ද්වස වල වැඩත් එක්ක මට කතාව දාන්න වෙලාවක් හම්බුනේ නෑ..
දිගටම කියවන්න..කියවන අයට thank you soo much......ඔයලා කියවන එක තමා මට කතාව ලියන්න තියෙන හොඳම motivation එක.. හැමෝම සතුටින්  ඉන්න..I love youuu 💕

BLUE  AND  GRAY 👑️Where stories live. Discover now