දින කිහිපයක් ගත විය. අවසානයේ සියො රජ පවුල එල්නඩෝරයට පැමිණෙන දිනය උදා විය. එල්නඩෝරයේ සියල්ලම දැන් සූදානම්, ඉතිරිව තිබෙන්නේ සියො රජ පවුලේ පැමිණීම පමණි.
එදින උදෑසන සිටම එල්නඩෝර් රජ මාලිගය යුද පිටියක් වැනිය...සියලු දෙනා ලහි ලහියේ සූදානම් වූයේ රජ පවුල පිලිගැනීමට ය.
ටේහ්යුන්ග්, ජිමින් සහ ජන්ග්කූක් පවා සිටියේ තරමක කලබලයෙනි."ටේහ්යුන්ග්, ඔබ තවමත් සූදානම් නැතිද..?" සෝයෝන් ඇසුවේ පුදුමයෙනි.
"අහ්..ඔව්.නෑ...මං මේ දැන් පිටත් වෙනවා මෑණියනි." ටේහ්යුන්ග් පැවසුවේ කලබලයෙනි. ඔහුගේ අවදානය තිබුනේ සවස පවත්වන භෝජන සංග්රහයේ වැඩකටයුතු වලය. ඒ නිසා ටේහ්යුන්ග් සූදානම් වීමට පවා අමතක වූ බව ඔහුට වැටහුනේ සිය මෑණියන් විමසූ පසුවය. ජිමින් සහ ජන්ග්කූක් තවමත් සේවක සේවිකාවන්ට උපදෙස් ලබා දෙමින් එහා මෙහා ගමන් කරමින් සිටියෝය.
"හරිම අපූරුයි.., එල්නඩෝරයේ රජ කුමරු තවමත් සූදානම් නෑ අමුත්තන් පිලිගන්න..දැන්ම පිටත් වෙන්න..ඉක්මනට ගිහින් සූදානම් වෙන්න.." සෝයෝන් පැවසුවේ ආඥාවක ස්වරූපයෙනි.
"නමුත් මෑණියනි මේ-"
"හේතු අවශ්ය නෑ... මං මෙතන වැඩ ගැන බලා ගන්නම්...ඔබ දැන්ම යන්න ටේහ්යුන්ග්.."
සෝයෝන් පැවසුවේ ටේහ්යුන්ග්ට ඔහු කියන්නට ගිය දේ පවා පැවසීමට ඉඩ නොතබමින්."එහෙමයි මෑණියනි," ටේහ්යුන්ග් නැවත කිසි ප්රශ්නයක් නොනඟාම සිය කුටිය වෙතට යාමට ගමන් ආරම්භ කලේ එතැනින් එහාට මෑණියන් සමඟ වාද කිරීමෙන් ඵලක් නොවන බව හොඳින්ම දන්නා නිසාය.
……………………………………………………………
"දැන්නම් මා හට මහන්සි හිම්සේ.." සෝහී පැවසුවේ අසු පිට ගමන් ගන්නා අතරය. ඔවුන් ඒ වන විට සිටියේ සිය ආරක්ශක සෙබල හමුදාව සමඟ එල්නඩෝරයට යන ගමන් අතරමඟය.
"ඔබේ මුරණ්ඩු කම් නිසා තමයි මේ සියල්ලම සෝහී," හිම්සේ ද පැවසුවේ තරමක නොරිස්සුමෙනි.
"කුමක්ද මා කලේ..??" සෝහී දෑස් ඉසල් කරමින් හිම්සේගෙන් ඇසුවේ හරියට සිදු වූ දෙය අමතක ලෙසටය.