"ඔබලා පිටත්ව යන්න සූදානම්ද..?" සොන් වූ ඇසුවේ ඔහුගේ ඉදිරියේ සිටි තරුණයන් ගෙනි.
"සූදනම් රජතුමනි,"
සොක්ජින් සියලු දෙනා වෙනුවෙන් පිලිතුරු ලබාදුන්නේය."මාගේ වීර සෙබලුනි, ඔබලා මේ සිදුකරන භාරදූර කාර්ය මා එල්නඩෝරයේ රජු හැටියට අගය කර සිටිනවා. ඔබ දන්නා ලෙසටම එල්නඩෝරය සහ වැනඩෝරය අතීතයේ එකම රාජ්‍යයක්. එ නිසා ,
එල්නඩෝරයට සහය දැක් වූ ලෙසටම ඔවුන්ටත් සහය දක්වන්න...
සොක්ජින්,නම්ජූන්,හෝසොක්,යුන්ගි යන ඔබලාගේ නව සෙන්පතිවරුන් හට සහය ලබා දෙන්න..එසේනම් ඔබලාට සුභ පැතුම්..."සොන් වූ පැවසුවේ වැනඩෝරයට යාමට සූදානම් සෙබල බලඇණිය අමතමිනි.
"එහෙමයි රජතුමනි," දහසක් පමණ වූ සෙබල පිරිස එකාවන්ව පැවසුවේ පොලොව පවා
දෙදරා යන ආකාරයේ හඬකිනි."එසේනම් ඔබලාට පිටත්ව යාමට අවසර..මගේ සුභපැතුම් ඔබලාගේ ප්‍රථම මෙහෙයුමට..මේ තමා ඔබේ අවස්තාව ඔබලාගේ හැකියාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට." සොන් වූ නැවතත් පැවසුවේ සොක්ජින්,නම්ජුන්,හෝසෝක් සහ යුන්ගි දෙස බලාය.
එවිටම වාගේ ටේහ්‍යුන්ග්,ජිමින් සහ ජන්ග්කූක් සමඟ එතැනට පැමිණියේ සිය අයියණ්ඩිලා සිව්දෙනා වන් සිය මිතුරන්ට සුභපැතුම් එක් කිරිමට හා සමුදීමටය.
"ඔබලා නැතුව අපිට පාලු දැනේවි අයියණ්ඩි." ජිමින් පැවසුවේ සොක්ජින් ව වැලඳගනිමින්.
"අපිටත් එහෙමයි." නම්ජූන් පැවසුවේය.
"ඇයි අපිට බැරි ඔබලාත් සමඟ පැමිණෙන්න..?" ජන්ග්කූක් ඇසුවේ තරමක් බිඳුනු හඬකිනි. ඔහු එය පිටතට නොපෙන්වීමට උත්සහ කලද එය කල නොහැකි විය.
"ජන්ග්කුක්.. අප සියලු දෙනාම වැනඩෝරයට ගිය විට කවුද එල්නඩෝරයේ ආරක්ෂාව බලාගන්නේ...??" හෝසොක් ඇසුවේ ජන්ග්කූක් ගේ උරහිස වටා අත යවමිනි.
"එල්නඩෝරයේ ආරක්ෂාව දැන් ඔබලාගේ භාරයේ.." යුන්ගි පැවසුවේ ජිමින් ගේ පිටට තට්ටුවක් දමමිනි.
ටේහ්‍යුන්ග් කිසිවක් නොපැවසුවේය. ඔහු නිහඬවම බලා සිටියේය. ඔහුට මෙය තරමක් දරා ගැනීමට අපහසුය. අන් සියලු දෙනාටම වඩා ටේහ්‍යුන්ග් කුඩා කල සිටම හැදී වැඩුනේ සොක්ජින් සහ නම්ජූන් සමඟය. ඔවුන් දෙදෙනා මෙසේ පිටත්ව යාම ඔහුට තදින්ම දැනෙන්නට විය.