Chapter 08

141 32 12
                                    

"තමුන්ට මෙහි පැමිණිමට අවසර නෑ ලුසිෆර්..!!!"සන් ජුන් ඉදිරියට පැමිණෙමින් පැවසුවේය.

"ඔහ්හ් හෝ මේ බලන්නකෝ කවුද මේ කියලා....එල්නඩෝරයේ ප්‍රධාන පූජක, ග්‍රැනඩෝර් බියගුල්ලන්ගේ ප්‍රධානියා ලී සන් ජූන්.. හහ් හහ හා.." ලුසිෆර් සුපුරුදු අවඥා සහගත හඬින් පැවසුවේය.

"කුමකටද තමුන් මෙහි පැමිණියේ ලුසිෆර්..???" නැවතත් සන් ජූන් අසා සිටියේ උස් හඬකිනි.

"කටවහගන්නවා සන් ජූන්.. මට තමුන් එක්ක කතාවක් නෑ.."
යැයි පවසමින් ලුසිෆර් සන් ජූන් වෙත අත දිගු කලේය.
ගත වූයේ ක්ශනයකි. සන් ජූන් ට ඔහු සිටි තැනින් සෙලවීමට පවා නොහැකි විය. ඔහු ලුසිෆර් ගේ අඳුරු මායා බන්ධනයට හසු වී එතැනම ගල් ගැසී ගියේ කිසිවක් කර කියා ගත නොහැකිවය.
 
සන් ජූන් ගේ සියලුම උත්සහයන් ව්‍යාර්ථ වී ගියේය. ඔහු කොතරම් උත්සහ කලත් පෙරටත් වඩා බලවත් වී තිබූ ලුසිෆර් ගේ අඳුරු මායාවෙන් ගැලවීමට නොහැකි විය. සන් ජූන්ගේ සියලුම මායාබල ලුසිෆර් ගේ අඳුරු මායා බලයට යටපත් වී තිබිණි.

රජ පවුල හැර උත්සව ශාලාවේ සිටි සියලු දෙනාටත්, රාජකීය ආරක්ශකයන්ටත් සිදු වූයේ සන් ජූන් ට සිදු වූ දෙයමය. කෙතරම් උත්සහ කලද කිසිම අයෙකුට ඔහුගේ අඳුරු මායා බන්ධනයෙන් ගැලවීමට නොහැකි විය.

"මෙතනින් යනවා යන්න ලුසිෆර්.." සොන් වූ සිය අසිපත අතට ගනිමින් උස් හඬින් පැවසුවේය.
නමුත් ලුසිෆර් ඒ පිළිබඳව කිසිඳු තැකීමක් නොකර ඔවුන් දෙසටම පැමිණියේ පහව නොගිය  වියරු සිනාවෙන්මය.

"හහ්..හහ්..හා... ඔබ කෙතරම් මෝඩද සොන් වූ.???.. සන් ජූන් පවා සිටින්නේ දැන් මගේ යටතේ ඔබ සිතන්නේ ඔය කඩුවෙන් මාව නවත්තන්න හැකි වේවි කියලාද..??? හහ් හහ් හා.."

"තමුනුත් තමුන්ගේ පියාත් මාව අවතක්සේරුවට පත් කරලා කලේ ලොකුම ලොකු වරදක් සොන් වූ...ලෑස්ති වෙනවා අපිට කරපු දේවල් වලට වන්දි ගෙවන්න.."

ලුසිෆර් ගේ බන්ධනයට යටත් වූ සොන් වූ ඔහු ඉදිරියේ දණින් ඇඳ වැටුනේය. තම අයියණ්ඩිය බේරා ගැනීමට ඉදිරියට පැමිනි හන් සෝ වූන් ට සිදුවූයේද එයමය.

BLUE  AND  GRAY 👑️Where stories live. Discover now