හිම්සේ නිසොල්මනේ සිය අසුපිටින් ගමන් ගත්තේ ගැඹුරු කල්පනාවක පතුලේ සැරිසරමින්, ඇගේ අවධානය රැඳී තිබුණේ වෙනතකය...ඇගෙන් ඉතාමත් දුරකය..
එකවරම දැනුණ තදබල සීතල ඇයව පියවී ලෝකයට ගෙන ආවාය."අහ්- මා මේ සිටින්නේ කොහේද??." හිම්සේගේ ප්රශ්නය එයයි, නමුත් ඊට පිලිතුරු දීමට කිසිඳු අයෙක් ඇගේ පෙනෙන තෙක් මානයක නොවීය...ඈ අසල සිටි එකම ජීවමාන දෙය ඇගේ අසු පමණි...
හිම්සේ වටපිට බැලුවේ ජිමින් හෝ ජන්ග්කුක් දැකගැනීමේ චේතනාවෙන් වුවත්, ඇය වටා තිබුනේ සුදුම සුදු පැහැති හිමම පමණකි...මුලු පරිසරයම හිම නිසා ශ්වේත වර්ණ වී තිබුනේ ඊට ආවේණික අධික සීතලත් සමඟයි....
"අහ්හ්, හිම..????...නමුත් එල්නඩෝරයට හිම වැටෙනේනේ නැහැනේ...කුමක්ද මේ සිදුවන්නේ.?? මා කොහිද මේ සිටින්නේ...??" යන දහසකුත් එකක් ගැටලු හිම්සේගේ සිත තුල හොල්මන් කරන්නට පටන් ගත්තේ නිතැතිණි...
ඇගේ සිත, නන්නාඳුනන රටක, මහා වනයක අසාමාන්ය දේශගුණයක අතරමං වී සිටින ඕනෑම අයෙකුට දැනෙන සෘණාත්මක සිතුවිලි වල ග්රහණයට නතු වී තිබිණි...සැබැවින්ම සිදුවූයේ නම්, කුමාරවරුන් දෙදෙනා සමඟ ඇවිද යන විට හිම්සේ සිටියේ කිසිඳු අවධානයකින් නොවීය...අසුගේ පාලනය ඇගෙන් ගිලිහී ගොස් කෙතරම් කාලයක් ගත වූවාදැයි ඇයට මතකයක් නොවීය... නිදහසේ ඇවිද ගිය අසු අවසානයේ හිම්සේව රැගෙන ආවේ මේ අත්භූත ස්ථානයටයි.. තමා කොපමණ වේලාවක් මෙලෙස පැමිණියාදැයි හිම්සේ ට කිසිම අදහසක් නොවීය..
ඇය වටපිටාවට අවධානය යොමුකලාය..පෙර පැවසූ ලෙසම එහි තිබුණේ හිමත් අධික සීතලත් පමණයි...සුලං රැලි හමායන හඬ ඇර වෙනත් කිසිඳුම ශබ්ධයක් ඇගේ දෙසවනට ලං නොවීය...
"මා කෙසේද මෙතැනින් පිටවන්නේ..??" හිම්සේ ඇසුවේ තමාගෙන්මය..
……………………………………………………………"හිම්සේ..!!!!!"
"හිම්සේ කුමරියනී...ඔබ කොහේද..???"
"හිම්සේ ඔබට අපව ඇසෙනවාද...??"
ජිමින් හා ජන්ග්කුක් දිගින් දිගටම හිම්සේට කතා කලේ අසු පිටින් එහා මෙහා වේගයෙන් ගමන් කරමිනි... නමුත් ඔවුන්ට කිසිවක් සොයාගත නොහැකි විය..