Chapter 27

62 11 16
                                    

පෙර දින රාත්‍රිය ටේහ්‍යුන්ග් කුමරුට නිදි නැති දිගු රැයක් විය.. ඔහුගේ සිත ව්‍යාකූලත්වයට පත් වූයේ සන්සුන් බව යන්න කුමක්ද යන වග ඔහුට අමතක කරවන තරමටමය. නැවත නින්දට යාමට කෙතරම් උත්සහ කරත් ඔහුගේ ඒ සියලුම උත්සහයන් ව්‍යාර්ථ විය.

අලු පැහැයටම උරුමකම් කියූ ඔහුගේ දෘශ්ටි පථයට හසුවන සෑම සියලු දෙයක් දෙසම ඔහු දෙනෙත් යොමාගෙන ගැඹුරු කල්පනාවක නිමග්නව සිටි අතර එහි අවසාන ප්‍රතිඵලය වූයේ ඔහු නොදැනීම මුලු රාත්‍රියක්ම නිදිවර්ජිතව ගත කල බව ඔහුටම පසක් වීම සහ තෙහෙට්ටුවට පත් වූ ඔහුගේ කැලඹුනු මනසත් පමණි.

ටේහ්‍යුන්ග් වටපිටට අවදානය යොමු කලේය. කුටියේ කවුළු අතරින් යාන්තමින් වට පිටාව එලිය වැටී එන බව ඔහු දුටුවේය. ඇතුල් මාලිගයේ එනම් රාජකීයයන් වෙසෙන ප්‍රධාන මාලිගයේ කිසිවෙකුත් ඒ වන විට අවදි වී නොමැති බව ටේහ්‍යුන්ග් අත්දැකීමෙන්ම දැන සිටියේය.
සිය කුටියේ තිබූ විශාල ඔරලෝසුව දෙස බැලූ ටේහ්‍යුන්ග් දුටුවේ එහි 6 කණිසම සටහන් වී තිබූ බවයි.
අද දිනය ඉතාමත් කලබලකාරි, වැඩ අධික දිනක් බව ටේහ්‍යුන්ග් දැන සිටියේය. අද ලෝරන්ස් රාජ්‍යයේ හා එල්නඩෝරයේ රාජ්‍ය ගිවිසුම් අත්සන් කරන දිනයි. තවත් නින්දට යාමට උත්සහ කිරීමෙන් ඵලක් නොවන බව වටහාගත් ටේහ්‍යුන්ග් සිය යහනෙන් බැස තමාගේ රාජකීය ඇඳුම් පැලඳුම් ගතලා ගත් අතර නිශ්ශබ්දව සිය කුටියෙන් පිටතට පැමිණ
රාජකීය උද්‍යානයට යාමේ අරමුණින් ගමන් ඇරඹීය.

රාජකීය සෙබලුන් ටේහ්‍යුන්ග් කුමරු දැක ඔහුට ආචාර කරමින් පිටත්ව ගිය අතර ටේහ්‍යුන්ග් සෙමෙන් සිය ගමනාන්තය වූ රාජකීය උද්‍යානය දෙසට ගමන් කලේය.

ටේහ්‍යුන්ග් උද්‍යානයට පැමිණ මොහොතක් වට පිට බැලුවේය. නොයෙකුත් මල් වර්ග, ගස් වර්ග වලින් පිරී තිබූ වර්ණවත් උද්‍යානය ඔහුට පෙනුනේ සුපුරුදු අලු පැහැයෙනි. එකම එක වරක් වර්ණ යනු කුමක්දැයි දුටු ඔහුට ඔහු දුටුවේ වර්ණයන් යන්නවත් විශ්වාස කල නොහැකි වූවත්, තමාටම ආවේණික වූ ආකාරයකට සියල්ලම දැකීමට ටේහ්‍යුන්ග් සිය මනස හුරු කරගෙන සිටියේය.
ඔහුගේ සිත කැලඹුන සෑම වෙලාවකම මෙලෙස උද්‍යානයට පැමිණ තනිව කාලය ගත කිරීම ටේහ්‍යුන්ග් ගේ පුරුද්දක් වැනිය.

BLUE  AND  GRAY 👑️Where stories live. Discover now