"මා පැමිනෙන්නම් පූජකතුමනි.." සොන් වූ පැවසුවේ එපමණකි.
"සොක්ජින්,නම්ජුන් ඔබ දෙදෙනා හෙට පිටත්ව යාමට සූදානම් වන්න" සොන් වූ පැවසුවේය.
"එහෙමයි රජතුමනි,"
"එසේය රජතුමනි" යැයි පවසා නම්ජුන් සහ සොක්ජින් ශාලාවෙන් පිටත්ව ගියේය.සොන් වූ කිසිවක් නොපවසා සෝ යොන් දෙස බැලුවේය.
"මා ටේහ්‍යුන්ග් සමඟ කතා කරන්නම්.ඔබ පිටව යන්න." මදහසක් මුහුණට නංවාගනිමින් සෝ යෝන් පැවසුවේ සොන් වූගේ බැල්ම වටහාගත්තාක් මෙනි.
සොන් වූ සිහින් සිනාවකින් සෝ යෝන් ට පිලිතුරු ලබාදුන් අතර සෝ යෝන් ටේහ්‍යුන්ග් වෙතටත්, සොන් වූ රාජකීය පුස්තකාලය වෙතටත් යාමට ගමන් ඇරඹීය.
……………………………………………………………………එල්නඩෝරයෙන් පිටත ලෝරන්ස් රාජ්‍යයේ :
"සෝ හී කුමරියනි.??"
"ආහ්...??ඔබ පැමිණියාද..?" උද්යෝගයෙන් පවසමින් සෝ හී සිනාවක් සමඟම ගොස් ඇගේ මිතුරිය පිලිගත්තේ ඇයව වැලඳගනිමිනි..
"ඒයි, මං කී පාරක් කියලා තියෙනවද මට කුමරියනි කියන්න එපා කියලා..?..ඔබ කුඩා කාලයේ සිටම ඔහොමමයි හිම්සේ" සෝහී පැවසුවේ බොරු අමනාපයක් පෙන්වමිනි.
"එහෙම බෑනේ...ඔබ මගේ හොඳම මිතුරිය උනත් ඔබ මේ ලෝරන්ස් රාජ්‍යයේ කුමරිය නේ සෝහී කුමරියනි." හිම් සේ නැවතත් සිනා වෙමින් පැවසුවේ සෝහී ව තරහා ගස්සන්නට සිතාගෙනය.
"ආහ්හ්හ්...ඔබ නම්.." සෝහී විහිලුවට මෙන් හිම්සේ ගේ අතට ගැසුවාය.
"හරිම අපූරුයි, ඔබේ මිතුරියව පිලිගන්නේ මෙහෙමද සෝ හී කුමරියනි." හිම්සේ සිනා වෙවි පැවසුවාය. ඇය දිගින් දිගටම සෝහීට කුමරිය යැයි ඇමතුවේ ඇයට විහිලු කරමින්.
"අහ්හ් මට සමාවෙන්න හිම්සේ උත්තමාවියනි, පැමිණෙන්න මා සමඟ මාලිගයට" සෝ හී ද හිම්සේට ආචාර කරමින් පැවසුවේ හිම්සේට නොදෙවෙනි ලෙස විහිලු කරමිනි.
"හහ්..හහ්..හා" ඔවුන් දෙදෙනාම සිනා වීමට පටන් ගත්තේ හරියට වසර ගනණාවකින් සිනා වී නැත්තවුන් ලෙසටය.