Chapter 21

66 17 13
                                    

"හරිම ලස්සනයි."
තමන්ට ලබාදුන් කුටියට පැමිණි හිම්සේ පවසාගත්තේ ඇයටමය.
කුටිය තුල එහා මෙහා ඇවිද ගිය ඇය නතර වූයේ සඳලුතලය මතය.
නැවුම් වාතාශ්‍රය ආශ්වාස කල ඈ මනරම්ව දිස් වන එල්නඩෝර රජ මාලිගයේ උද්‍යානය දෙස බල සිටියේ තමා ඉදිරියේ ඇති දර්ශනය මනාව විඳ ගනිමිනි.

හිම්සේ ගේ හිත තුල මේ වන විට යුද්ධයක් ඇවිලෙමින් තිබුනේ ඇයටම නොදැනීය.
දැනටමත් සන්ධ්‍යාව සනිටුහන් කරමින් සිය කූඩූ කරා පියඹා යන පක්ශීන් දෙස හිම්සේ බලා සිටියේ නොසන්සුන් සිතිනි.

"හිම්සේ කුමරියනි,"

"ඔව් මරියා, පවසන්න." හිම්සේ ඇගේ පෞද්ගලික සහායිකාව මරියා වෙතට හැරුනේ එම දර්ශනයෙන් සිය දෙනෙත් ඉවතට ගනිමිනි.

"කුමරියනි, රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා යාමට ඔබතුමී සූදානම් විය යුතුයි..එය මතක් කිරීමටයි මා පැමිණියේ."

"ඔව්මයි..මා හට එය මුලුමනින්ම අමතක උනා මරියා. ඔබට ස්තූතියි." හිම්සේ පැවසුවේ සිනාවක්ද සමඟිනි.

"ඔබතුමී පැමිණෙන්න මා සමඟ මා ඔබට සූදානම් වීමට සහාය ලබා දෙන්නම්." මරියා නැවතත් පැවසීය.

"සෝහි.??"

"සෝහි කුමරිය මේ වන විටත් සූදානම් වෙමිනුයි සිටින්නේ කුමරියනි,"

"හරි මරියා.මා පැමිණෙන්නම්..." හිම්සේ පැවසුවේ එපමණකි.
……………………………………………………………

"රාත්‍රී භෝජන සංග්‍රහයට සියල්ලම සූදානම්." ටේහ්‍යුන්ග් පැවසුවේ තෘප්තිමත් හඬකිනි.
ජන්ග්කූක් සහ ජිමින් දෙදෙනාම හිස සලමින් එය අනුමත කලේ සතුටිනි.

ඔවුන්ට රජු විසින් භාර දුන් වගකිම් එලෙසම ඉටු කිරීමට හැකි වීම ගැන ඔවුන් තිදෙනාම සිටියේ තෘප්තියෙනි. ඔවුන් පමණක් නොව සොන් වූ රජු පවා සිටියේ ඔවුන් තිදෙනා ගැන ඉතාමත් පැහැදීමෙනි.

"ජන්ග්කුක් කුමරුන්ව ජියොන් ආදිපාදවරයා කැඳවනවා." ඔවුන් අසලට පැමිණි ආරක්ෂක සෙබලා පැවසුවේ තිදෙනාටම ආචාර කිරීමෙන් අනතුරුවය.

"හොඳයි මා පැමිණෙන්නම්" යැයි ඔහුට පැවසූ ජන්ග්කූක් නැවත සිය මිතුරන් දෙදෙනා දෙස හැරුනේ තමන් යායුතු බව පැවසීමටය.

BLUE  AND  GRAY 👑️Where stories live. Discover now